Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th February 2022 10:43:00 Hours

සිංහ රෙජිමේන්තු අධිපති විසින් 2022 රෙජිමේන්තු මන්ත්‍රණ සභාව පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ ගේ ප්‍රධානත්වයෙන්, අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2022 ජනවාරි 30 වන දින පවත්වන ලදි.

මෙම මන්ත්‍රණ සභාවේදී රෙජිමේන්තුවට අදාළ වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරන ලද අතර එහිදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පුහුණු, පරිපාලන සහ සැපයුම් උපාය මාර්ග වැඩිදියුණු කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

මේ අතර, එහි සාමාජිකයින් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදු කෙරෙන ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ අතර නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතිය සම්බන්ධ කරුණු පිළිබඳව ද ඔවුන්ගේ අදහස් පැහැදිලි කළහ.