28th October 2021 08:17:06 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය සඳුදා (11) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියස දී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ඉන් අනතුරුව, නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත විශේෂ පීඨිකාවේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබුහ. පසුව, එතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක සහ පෙළපාලි අණදෙන නිලධාරි සමඟ එක්ව සම්මාන පෙළපාලිය පරික්ෂා කරන ලදී.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සිය කාර්යාලයේදි සකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. පසුව, එතුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.
මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූහ.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නය ඉදිරිපිට ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද එතුමන් එක්වූවේය. පසුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේදී දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. මෙම සියළු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර විශ්‍රාම යෑමෙන් අනතුරුව මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ මෙම ධූරයේ රාජකාරි භාරගනු ලැබුවේය.