Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th February 2020 10:53:01 Hours

සිංහ රෙජිමේන්තු ඉතිහාසයට නව පිටුවක් එක්කරමින් ඒක්දිනක් තුල පෙළපාළි හතරක් පවත්වා නව මේජර් ජෙනරාල්වරුන් සිව්දෙනෙකු පිළිගනියි

සිංහ රෙජිමේන්තු ඉතිහාසයෙන් තවත් පිටුවක් පෙරලමින් නව උසස්වීමි ලද සිංහ රෙජිමේන්තු මේජර් ජෙනරාල්වරුන් සිව්දෙනෙකු වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමේ උපහාර උළෙලක් අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සඳුදා (24) දින පවත්වන ලද අතර ඒ සදහා රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරින් සේවයේ යෙදී සිටින නිළධාරි හා සෙසුනිළයින් බොහෝ පිරිසක් සහාභාගී වන ලදි.

සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි නවතමයෙන් උසස්වීමි ලද මේජර් ජෙනරාල් වරුන් වන මේජර් ජෙනරාල් සුභාශන වැලිකල, මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර, මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර, මේජර් ජෙනරාල් රන්දුල හත්නාගොඩ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිංහ රෙජිමේන්තු අධිපති වෙනුවෙන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවේල සහ එම මැතිනිය පද්මිණි පල්ලාවල මහත්මිය විසින් සාදරයෙන් පිළිගනු ලැබීය.

සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සමිප්‍රදායානුකූල කඳවුරු සමිමානමුර පිරිනැමිමෙන් අනතුරුව මේජර් ජෙනරාල්වරුන් වෙත වෙන් වෙන් වශයෙන් සම්මාන ආචාර පෙළපාලි හතරක් පවත්වමින් ගෞරවාචාරය පිරිනැමුහ. මෙය මෑත කාලීන සිංහ රෙජිමේන්තු මතකයේ පෙර නොවූ විරූ දර්ශනයක් විය. මෙම අවස්ථාව මතකයට එක් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළ රෝපණය කිරීමෙන් අනතුරුව යුධ බිමේදී තම ජීවිත පරිත්‍යග කල සිංහ විරුවන් වෙනුවෙන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදි.

ඉන් අනතුරුව සියලු නිලයන් හා එක්ව රෙජිමේන්තු බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රයයක් සඳහාද සහභාගීවිමෙන් පසු නවතමයෙන් උසස්වීමි ලද මේජර් ජෙනරාල්වරුන් වෙත සියලුම නිලධාරීන් විසින් නිලධාරී නිවස්නයේ දිවා ආහාරය පිරිනැමූහ. එහිදී ඔවුන් වෙත සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක විසින් සුබ පැතුම් පිරිනැමූ අතර ඔවුන්ගේ සේවය අගයනුවස් සමරු තිළින ප්‍රදානයක්ද සිදුකළහ.