Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th July 2025 09:17:00 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් වාර්ෂික අන්තර් බලඇණි යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය - 2025 , 2025 ජූලි මස 21 වන දින සිට 25 වන දින දක්වා අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. රෙජිමේන්තුවේ බලඇණිවල සෙබළුන්ගේ චිත්ත ධෛර්යය සහ සූදානම පරීක්ෂා කිරීම සඳහා සැතපුම් 2 දිවීම සහ යුධ බාධක තරණය ඇතුළු අසීරු තරඟ මෙම ඉසව්වට ඇතුළත් විය. 2025 ජූලි මස 25 වන දින මෙම තරඟයේ අවසන් වටය විශේෂයෙන් නිර්මාණය කරන ලද තරග ආකෘතියකට අනුව පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදී.

විශිෂ්ට කාර්ය සාධනය සහ කණ්ඩායම් හැඟීම පෙන්නුම් කරමින්, 1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සමස්ත තරඟාවලියේ ශූරයන් බවට පත් වූ අතර, 4 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම විසින් අනුශූරතාවය ලබා ගන්නා ලදී. 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් ඊ ඒ අයි ඒ විජේසිරි සෑම අතින්ම අතිශූර නිලධාරියා ලෙස සම්මාන ලැබූ අතර, 14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ගුණරත්න ඊ එම් කේ එල් සෑම අතින්ම අතිශූර සෙබලා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.