Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th May 2018 22:56:33 Hours

සිංහ අන්තර් බළඇණි මළල ක්‍රීඩා උළෙල අනාගත සුභ සිහින දකිමින් අවසන් වෙයි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලිය - 2018, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේදී ජාතික සහ යුද්ධ හමුදා මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහිකරමින් සාර්ථකව අවසන්විය.

දින දෙකක් පුරා පැවති මෙම මළල ක්‍රීඩා තාරඟාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා වු ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හා යුද්ධ හමුදා සේවාවනිතා සභාපතිතුමිය උණූසුම් ලෙස පිළිගනු ලැබුවේ සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හා එම මැතිණිය විසිනි.

මැයි මස 16 – 17 දෙදින පුරාවට පැවති මෙම උත්කර්ෂවත් ක්‍රීඩා උත්සවය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළුම එකකයන් නියෝජනය කරමින් නිලධාරීන් හා සෙසුනිලයන් දහසකට ආසන්න පිරිසක් සහභාගී විය.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කල ලාන්ස් කෝප්‍රල් ගුණරත්න ඒ එම් එල් පී විසිනි. තරඟාවලියේ සමස්ථ ශූරතාවය 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බල ඇණීය දිනාගනු ලැබීය.

තවද තරඟාවලියේ අවසන් දින උත්සවය වර්ණවත් කිරීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබළුන් ඉදිරිපත් කල සටන් ජවනිකා සහිත සරඹ සංදර්ශණය හා සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තුවේ සංස්කෘතික අංශය ඉදිරිපත් කල අංගයන් මනා පිටිවහලක් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද්ධ හමුදාධිපතිතුමා විසින් තරඟවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය හා දක්ෂතම ඒකකයට හිමි ජයග්‍රාහී කුසලානයන් ප්‍රධානය කරන ලදී.

උත්සවය අවසන් කරමින් ස්තූති කථාව බ්‍රිගේඩියර් වික්‍රමසිංහ විසින් සිදුකරනු ලැබූ අතර සියළුම ප්‍රේක්ෂකයන්ගේ දිරිගැන්වීම හා පෙළඹවීම මධ්‍යයේ ක්‍රීඩකයන්ගේ දැඩි කැපවීම හා උනන්දුව වඩවඩාත් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේතුවේ අන්තර් බළඇණි මළල ක්‍රිඩා උළෙල - 2018 සාර්ථකව අවසන් විය.