Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

13th July 2018 21:22:28 Hours

නවීකරණය කල සිංහ එළිමහන් රංග පීඨය විවෘත කෙරේ

නවීකරණය කරන ලද සිංහ එළිමහන් රංග පීඨය රෙජිමේන්තු අධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (06) දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පැවති එළිමහන් රංග පීඨය නවීකරය කර වඩාත් ඉඩ පහසුව හා නවීන උපාංගයන්ගෙන් සමන්විතව දර්ශනීය ලෙස කෙටි කාලයකින් ඉදිකර අවසන් කිරීමට හැකියාව ලැබිණි.

නවීකරණය කරන ලද එළිමහන් රංග පීඨය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ රෙජිමේන්තු අධිපති තුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කැපීමෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

රෙජිමේන්තු අධිපතිතුමන් තම දේශනයේදී එළිහමන් රංග පීඨය කෙටි කාලයකින් මනරම් ආකාරයෙන් නිම කිරීමට නන් අයුරින් උරදුන් සියළු දෙනාහට සිය ස්තූතිය ප්‍රකාශ කළේය.

එදින ආරම්භක දර්ශනය සනිටුහන් කරමින් බාහුබලී චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තිරගත කරනු ලැබූ අතර මේ අවස්ථාවට මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියළුම නිලධාරීවරුන් හා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේ සේවයේ නියුතු සියළුම සෙසුනිලයන් සහභාගී විය.