Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

මුල් පුවත

  • ආරක්‍ෂක සේනා (බටහිර) ලේ දන්දිමේ වැඩසටහනක් සංවිධානය කරයි.

    24th January 2023 16:15:45 Hours

    75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ආරක්‍ෂක සේනා (බටහිර) විසින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, නාරාහේන්පිට, සහයෝගිතාවයෙන් පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථාන පරිශ්‍රයේදී 2023 ජනවාරි 23 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

  • ආරක්ෂක සේනා (බටහිර) වෙතින් තම බල ප්‍රදේශය තුළ තවත් උදාර මෙහෙවරක් සිදු කරනු ලබයි

    09th January 2023 17:33:01 Hours

    පසුගිය දින කිහිපයතුල හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ ආරක්ෂක සේනා (බටහිර) සමගින් සීමාසහිත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 යටතේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරිපිටි පැකට් 4536ක් පරිත්‍යාග කරන ලදී.

  • ආරක්ෂක සේනා (බටහිර) සමිබන්ධිකරණයෙන් පිටිපන ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ලබාදෙයි

    09th January 2023 17:11:27 Hours

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් හෝමාගම පිටිපන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 50 දෙනෙකු වෙනුවෙන් රුපියල් 2000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2023 දෙසැමිබර් 05 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

  • 2023 නව වසර උදාව සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) වර්ෂයේ පලවන දින රාජකාරි ආරම්භ කරනු ලබයි.

    03rd January 2023 14:17:27 Hours

    ආරක්‍ෂක සේනා (බටහිර) 2023 වර්ෂයේ පලවන දින රාජකාරි ආරම්භය සනිටුහන් කරමින් කරමින් 2023 ජනවාරි මස 02 දින ප්‍රථමයෙන් ජාතික ධජය එසවීම සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ යුද්ධ හමුදා ධජය එසවිම සදහා ආරක්‍ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් ඩී ඒ අමරසේකර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සිදුකිරිමෙන් අනතුරුව, ජාතික ගීය සහ හමුදා ගීතය වාදනය කිරිමෙන් පසු මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම උදෙසා උත්තරීතර ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

  • ආරක්ෂක සේනා (බටහිර) වෙතින් මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

    14th December 2022 10:18:37 Hours

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ මානව හිමිකමි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ටී සී කේ. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් 2022 දෙසැම්බර් 10 වන දින ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව මානව හිමිකම් පිළිබඳ වටිනා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 දෙසැම්බර් 09 වන දින ආරක්ෂක සේනා (බටහිර) සමිබන්ධිකරණයෙන් මානව හිමිකම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර, එය යුද්ධ හමුදා ජනපදය, පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විය.

  • ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි ආරම්භ කරයි

    03rd December 2022 09:58:39 Hours

    ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 01 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස සිය නව ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

  • යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලිය ඉතා උනුසුම් ලෙස නිමාවට පත්විය

    24th November 2022 16:47:01 Hours

    ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් බලඇණි එල්ලේ තරඟාවලිය (කාන්තා) 2022 නොවැම්බර් 14 සිට 21 දක්වා කාලය තුළ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

  • ආරක්ෂක සේනා (බටහිර) 10 වැනි සංවත්සරය සමරමින් සංගීත රාත්‍රියක් සමඟින් අවසන් විය

    21st November 2022 11:15:50 Hours

    ආරක්ෂක සේනා (බටහිර) 10 වැනි සංවත්සරය සමගාමිව 2022 නොවැම්බර් මස 17 වන දින ක්‍රිකට් තරගාවලියක් සහ සංගීත රාත්‍රියක් සංවිධානය කරන ලදි.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) 10 වැනි සංවත්සරය සමරයි

    18th November 2022 14:25:31 Hours

    2012 නොවැම්බර් මස 15 වන දින ආරම්භ කර ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) මේ වන විට බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණ යන පළාත් 4ක් සහ දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි තම රාජකාරි මේ වන විට ඉටුකරනු ලබයි.

  • ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන් කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය

    13th November 2022 12:36:26 Hours

    1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ බළඇණි පුහුණුව 2022 සැප්තැම්බර් 20 දින සිට ඔක්තෝම්බර් 05 වන දින දක්වා පැවති බලඇණි පුහුණුවේ වැඩසටහන සදහා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022 නොවැම්බර් 04 වන දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය.