Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:59:57 Hours

මාණ්ඩලික ප්‍රධානි ආරක්ෂක සේනා (බටහිර) පාලන පරීක්ෂණය සදහා ඒක්වෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) පාලන පරීක්‍ෂණය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු 24 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

මාණ්ඩලික ප්‍රධානි තුමන් ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) කඳවුරු පරිශ්‍රයට පැමිණීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කරන ලදි.

මෙම පරික්ෂාව ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ආරක්ෂක සේනා (බටහිර) මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

එහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුව ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති පාබල සේනාංක සහ පාබල බලසේනාවන් ක්‍රියාත්මක වන ආකාරය සහ අදාළ සේනාංක සහ බලසේනා තුළ පවතින ගැටලු විසඳීම කෙරෙහිය.

මෙහිදී මාණ්ඩලික ප්‍රධානි විසින් පාලන පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කල අතර, යුද්ධ හමුදා මුලස්ථාන අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ශාඛාවලට අයත් අධ්‍යක්ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් පාලන පරික්ෂාවේ ඔවුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කර ඒම නිරක්ෂණයන් සමතයටකට පත් කරන ලදි.

අවසන් වශයෙන් මාණ්ඩලික ප්‍රධානී තුමන් විසින් අමුත්තන්ගේ පොතේ ප්‍රශංසනීය අදහස් සනිටුහන් කළ අතර, කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් විසින් මාණ්ඩලික ප්‍රධානී තුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනෑමිය.