Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:56:14 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත නිළ කඳවුරු සංචාරයක් සිදුකරයි.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් 2023 පෙබරවාරි 28 වන දින පනාගොඩ යුධ හමුදා කඳවුරේ පිහිටි 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කඳවුරු සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී සහ ඒකකයේ අනෙකුත් නිලධාරින් විසින් ආඥාපති තුමන්ව කඳවුරු පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව බටහිර ආඥාපති තුමන් අණදෙන නිළධාරී විසින් තම බළඇණියේ කාර්ය භාර්යය පිළිබඳව ඉදිරිපත් කරනු ලැබු සවිස්තරාත්මක දැනුවත් කිරීමට සහභාගී විය. එහිදි බටහිර ආඥාපතිවරයා බළඇණියේ නිලධාරීන් සමඟ කෙටි සාකච්ඡාවක නිරත වූ අතර, සෙබළුන් අතර විනය පවත්වා ගැනීම, රාජකාරි ඉටු කිරීම, බළඇණි පරිපාලන කටයුතු සහ ශ්‍රේෂ්ඨ සොල්දාදුවෙකු ලෙස හැසිරිය යුතු ආකාරය සහ හමුදාවේ ප්‍රතිරූපය නඟා සිටුවීම යනාදි වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔහු අවධාරණය කළේය.

ඉන් අනතුරුව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රය තුල පවතින උපකරණ ගබඩා, සෙබළුන්ගේ නවාතැන්, මුළුතැන්ගෙයි පරිශ්‍ර ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළ අතර, ඔහු නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් කඳවුරේ යටිතල පහසුකම් පුළුල් කරමින් උසස් ප්‍රමිතියක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව වගකිව යුතු නිලධාරීන් දැනුවත් කලේය.