26th November 2023 09:40:21 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සිදුකරනු ලැබූ නිල සංචාරයෙන් අනතුරුව කොට්ටාව, ඊ-1 දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් සහ පිටවීමේ හුවමාරුවේ හදිසි සේවා සඳහා යෙදවූ යුද්ධ හමුදා භටපිරිස් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්ෂණ චාරිකාවක නිරත විය.
26th November 2023 09:37:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා නුදුරේදී විසිරයාමට නියමිත කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92, 92 බී, එස්සී 20 පාඨමාලාවන්හි කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම සඳහා සිදුකරනු ලබන පර්යේෂණ අධ්‍යනයන් පිළිබඳ සාකච්ඡා කර ඔවුන් සතු දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (2023 නොවැම්බර් මස 21) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර මූලස්ථානයේදී එම කෙඩෙට් නිලධාරින් සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරතවූයේය.
26th November 2023 09:20:12 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර, 11 වන සංවත්සරයට සමගාමීව 61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 613 පාබල බලසේනා මූලස්ථානය සහ 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය වෙතින් 2023 නොවැම්බර් මස 18 දින මාතර තිහගොඩ ප්‍රදේශයේ රෝගීන් 650 දෙනෙකුට අධික පිරිසකට ප්‍රතිකාර ලබාදී ගර්භනී කාන්තාවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් මාතර, තිහගොඩ ප්‍රදේශයේ පිහිටි තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.
26th November 2023 09:16:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සිය 11 වන සංවත්සරය 2023 නොවැම්බර් 15 වන දින උත්සව මාලාවක් සමඟින් සමරන ලදී. 11 වන සංවත්සරයට සමගාමීව, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද පතා ආඥාපති ආරක්ෂක සේනා (බටහිර) මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු ගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 14 වන දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පිංකම සහ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ මියගිය රණවිරුවන්.
26th October 2023 19:35:24 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) මේජර් ජෙනරාල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියුයන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ඔක්තෝම්බර් 23 වන දින කැන්දලන්ද නිලධාරි විවාහ නිවාස සංකීර්ණයේ දැනට නවාතැන් ගෙන සිටින සියලුම නිලධාරීන් අමතන ලදී. තවද මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ මහතා ද සහභාගී විය.
17th October 2023 10:35:31 Hours
නව ආරක්ෂයක සේනා ආඥාපති - බටහිර ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (12) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
17th October 2023 10:22:37 Hours
ආරක්ෂ ක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් යූ.ඩී. විජේසේකර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිසි පිඑස්සි, යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ඔක්තෝබර් මස 06 වන දින නික්ම යෑම නිමිත්තෙන් ආසේමු (බටහිර) විශේෂ ප්‍රභුසම්මාන ආචාර මුරයක් හා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
29th September 2023 10:06:26 Hours
අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් කණ්ඩායම් ශූරතාවලිය - 2023 අවසන් මහා තරගය ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ බලකාධිපති යන ජ්යෙනෂ්ඨ නිලධාරින්ගේ ප්‍ර ධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 22 වන දින පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රී්ඩාංගණයේදී පැවැත්විණි.
27th September 2023 12:58:15 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති බලඇණි පුහුණු පාසල පානළුව බිම් මට්ටමේ ඉදිකිරීම් නිරික්ෂණය කිරිම සඳහා 2023 සැප්තැමිබර් 22 වන දින ආරක්ෂේක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඩී. විජේසේකර ආර්ඩබිලිවිපි ආර්ඒස්පි යුඒස්පි ආර්සිඩිසි පිඒස්සි, යන ජ්යෙලෂ්ඨ නිලධාරි තුමන් බලඇණි පුහුණු පාසල පානළුව සංචාරයක නිරත විය.
18th September 2023 19:07:19 Hours
කොළඹ, කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මෙවර 2023.09.15 වන දින රාත්‍රි යේදි යුද්ධ හමුදා සහය ඇතිව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.