18th October 2024 12:02:06 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 ඔක්තෝම්බර් මස 02 දින ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) මූලස්ථානයේදී 3 වන (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 04 දෙනෙකු වෙනුවෙන් ප්රශංසාත්මක සහතිකපත් ප්රදානය කරන ලදී. 2024 සැප්තැම්බර් මස 30 දින නිල්වලා ගඟේදී සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු බේරා ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් මෙම පැසසුමට ඔවුන් ලක්කෙරිණි.
11th October 2024 15:42:41 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර් ඩබ්ලිව්පි ආර් එස්පි එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින මෙම විශේෂ උත්සවය පැවැත්විණි.
04th October 2024 14:59:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - (බටහිර) විසින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
26th September 2024 11:58:23 Hours
31 වන “Watjaree 2024” සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 17 දින රාගම බටුවත්ත මහා විද්‍යාලයේදී පැවති අතර එම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
26th September 2024 11:36:43 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සැප්තැම්බර් මස 12 සහ 14 යන දිනයන්හිදි 57 පාබල සේනාංකය, 571, 573 පාබල බලසේනාවන්හි, 20 ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 සහ 3 ගැමුණු හේවා බලකායන්හි නිල සංචාරයක නිරත විය.
22nd September 2024 15:58:18 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 12 සහ 14 යන දිනයන්හිදි 57 පාබල සේනාංකය, 571, 573 පාබල බලසේනාවන්හි, 20 ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 සහ 3 ගැමුණු හේවා බලකායන්හි නිල සංචාරයක නිරත විය.
22nd September 2024 15:49:24 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර), මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ‘විරු කැකුළු’ පෙර පාසලේ ‘විරු කැකුළු’ භාර ආර්යා සුරංගි අමරපාල මහත්මිය සමඟ 2024. පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ නිල සංචාරයක නිරත විය.
22nd September 2024 13:02:59 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 61 පාබල සේනාංකය, 613 පාබල බලසේනාව සහ 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
22nd September 2024 12:54:34 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ඌරාපොල මීවිටිගම්මන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් දායක වූ දේශීය පරිත්‍යාගශීලීන් රැසකගේ සහයෝගයෙන් නව නිවස සාර්ථකව නිම කරන ලදී.
22nd September 2024 12:46:50 Hours
'ශ්‍රී ලංකා හොඳම සේවා යෝජක සන්නාම සම්මාන සහ ශ්‍රී ලංකා නායකත්ව සම්මාන 2024' උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හි පැවති අතර, එහිදී ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 'ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය 2024' (Lifetime Achievement Award 2024) සම්මානයෙන් 2024 සැප්තැම්බර් 05 දින පිදුම් ලබීය.