Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th April 2025 14:51:47 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති 57 වන පාබල සේනාංකය සහ 571 පාබල බලසේනාව වෙත නිල සංචාරයක නිරත වේ

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, 2025 මාර්තු 3 වන දින 57 පාබල සේනාංකය සහ 571 පාබල බලසේනාව වෙත සිය මංගල නිල සංචාරය සිදු කළේය.

කුරුණෑගල, පාන්ගොල්ල හි පිහිටි 57 පාබල සේනාංක මූලස්ථානයට පැමිණීමත් සමඟ සංචාරය ආරම්භ වූ අතර, එහිදී කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු සහ 57 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එම් ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් ඔහු උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

පසුව මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම මහතා සමූහ ඡායාරූපයකට සහභාගී වී කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කළේය. 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බලප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සහ අඛණ්ඩ ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ පුළුල් විස්තරයක් ඉදිරිපත් කළේය. සංචාරය අවසන් කරමින්, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීය.

ඉන්පසු ආඥාපති තුමන් 571 පාබල බලසේනාව වෙත සංඥාරය සදුකල අතර, එහිදී ඔහුට රිය පැදවීමේ ආචාරයක් පිරිනමන ලදී. බලසේනාධිපති බ්‍රිගේඩියර් එච් එච් එස් පී එස් ද සිල්වා ආර්එස්පී යූඑස්පී විසින් සේනාංකාධිපති තුමන් පිළිගනු ලැබු අතර, බලසේනා මූලස්ථානයේ දී අමුත්තන්ගේ පොතේ අත්සන් තැබිය.

මිලගට ආඥාපති තුමන් 9 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ සංචාරය කළ අතර, එහිදී ඔහුට නැවත වරක් රිය පැදවීමේ ගෞරවයක් පිරිනමන ලදී. භට පිරිස් අමතමින් ඔහු අවධාරණය කළේ විනය පවත්වා ගැනීම, නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම සහ රාජකාරියට නොසැලෙන කැපවීමක් පෙන්නුම් කිරීමේ වැදගත්කමයි

සංචාරයේ අවසාන කොටසේදී, මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහුට තවත් ධාවන ආචාරයක් පිරිනමන ලදී. භට පිරිස් සමඟ සම්බන්ධ වෙමින්, වෘත්තීයභාවය, හමුදා විනය සහ ඉහළම හැසිරීම් ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කම නැවත අවධාරණය කළේය. ඔහුගේ සංචාරය අවසන් වූයේ අමුත්තන්ගේ පොතේ සටහනක් තැබීමෙනි.

මෙම සංචාරයට 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 57 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බ්‍රිගේඩියර් ප්‍රමානි (බටහිර), බලසේනාධිපතිවරුන්, බ්‍රිගේඩියර් පාලන භකාස ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහභාගී විය.