Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th April 2025 08:14:39 Hours

CLEAN SRI LANKA වැඩසටහන යටතේ පාසල් 1,000 ක් නවීකරණය කිරීමේ පළමු අදියර ආරම්භ කරන ලදී

CLEAN SRI LANKA වැඩසටහන යටතේ පාසල් 1,000 ක් නවීකරණය කිරීමේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 20 වන දින 0800 පැයට ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) බළප්‍රදේශයට අයත් තුම්මෝදර ඉලුක්ඕවිට ප්‍රාථමික පාසලේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් බී කේ ජී එම් එල් රොඩ්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්- එන්ඩියු පීඑස්සී අයිජීගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

CLEAN SRI LANKA වැඩසටහනේ කොටසක් ලෙස, ත්‍රිවිධ හමුදාව රට පුරා තෝරාගත් පාසල් සඳහා සහාය ලබා දෙයි. මෙහි පළමු අදියර යටතේ හඳුනාගත් පාසල් 200ක් අලුත් වැඩියා කටයුතු සිදුකිරිමට නියමිතව ඇති අතර, පළමුවැන්න ලෙස ඉලුක්ඕවිට ප්‍රාථමික පාසලේ නවීකරණ කටයුතු ආරම්භ විය.

ඉලුක්ඕවිට ප්‍රාථමික පාසලේ සංවර්ධන ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ අධ්‍ක්‍ෂණය යටතේ ආරම්භය සිදුවු වූ අතර 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් මෙම උත්සවය සිදු කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දන සූරියආරච්චි, විධායක ජෙනරාල්, අධ්‍යක්ෂ ජෙනරාල්, සාමාන්‍ය මාණ්ඩලික ශාඛාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ, සහකාර විදුහල්පති, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්, දෙමාපියන් සහ සිසුන් ද මෙම වර්ණවත් අවස්ථාවට සහභාගී වූහ.

යුද්ධ හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාසලට නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම සඳහා සංකේතාත්මක මුල්ගල් තැබිම සිදුකල අතර, වැඩසටහනේ කොටසක් ලෙස පාසලට සිමෙන්ති සහ විදුලි උපකරණ පරිත්‍යාග කිරීමට යුද්ධ හමුදාධිපතිතුමා කටයුතු කළේය.