18th May 2025 10:36:28 Hours
පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මැයි 08 වන දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ඔහුගේ බිරිඳ වන පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ජ්‍යෙෂ්ඨ කාන්තා භාරකාරිනි උදාරි අනුපමා ගමගේ මහත්මියගේ සහභාගිත්යෙන් සිදුකරනු ලැබිය. සාම්ප්‍රදායිකව පොල් තෙල් පහන දැල්වීමෙන් පසු ක්‍රිඩා උළෙල ආරම්භ වූ අතර, ඉන් අනතුරුව සිසුන් විසින් වර්ණවත් අයුරින් තූර්ය වාදක සංදර්ශනයක් සිදුකරන ලදි.
ළමුන් 195 දෙනෙකු සහ ගුරුවරුන් 16 දෙනෙකු ඔවුන්ගේ ශක්තිය සහ ක්‍රීඩා හැකියාව ඉදිරිපත් කරමින් ආකර්ෂණීය ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මාලාවකට සහභාගී වූ අතර දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා වූ විශේෂ ක්‍රීඩා ද සංවිධානය කර තිබුනු අතර, ක්‍රීඩා ඉසව්වලින් පසු, සිසුන් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර, එය ප්‍රේක්ෂකයින්ගේ දැඩි අත්පොළසන් නාදයෙන් පිළිගැනුණි.
ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ඔහුගේ බිරිඳගේ පැමිණීම මෙම අවස්ථාවට කීර්තියක් එක් කළ අතර, ඔවුන්ගේ කාරුණික වචන සහ දිරිගැන්වීම් උණුසුම් ලෙස අගය කරන ලදී. තවද මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.