03rd December 2022 09:58:39 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 01 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස සිය නව ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදි.
24th November 2022 16:47:01 Hours
ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් බලඇණි එල්ලේ තරඟාවලිය (කාන්තා) 2022 නොවැම්බර් 14 සිට 21 දක්වා කාලය තුළ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
21st November 2022 11:15:50 Hours
ආරක්ෂක සේනා (බටහිර) 10 වැනි සංවත්සරය සමගාමිව 2022 නොවැම්බර් මස 17 වන දින ක්‍රිකට් තරගාවලියක් සහ සංගීත රාත්‍රියක් සංවිධානය කරන ලදි.
18th November 2022 14:25:31 Hours
2012 නොවැම්බර් මස 15 වන දින ආරම්භ කර ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) මේ වන විට බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණ යන පළාත් 4ක් සහ දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි තම රාජකාරි මේ වන විට ඉටුකරනු ලබයි.
13th November 2022 12:36:26 Hours
1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ බළඇණි පුහුණුව 2022 සැප්තැම්බර් 20 දින සිට ඔක්තෝම්බර් 05 වන දින දක්වා පැවති බලඇණි පුහුණුවේ වැඩසටහන සදහා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022 නොවැම්බර් 04 වන දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය.
31st October 2022 19:45:08 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සහ උපකරණ මාස්ටර් ජෙනරල් තනතුරෙහි වැඩබලන මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ආර් ඩබ්ලිව් එච් ජේ බී වනිගසේකර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ඔක්තෝම්බර් මස 27 දින ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සහ 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණිය වෙත සංචාරයක නිරත විය.
05th October 2022 15:51:30 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) සංවිධානත්වයෙන් 2022 අගෝස්තු 09 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුධ හමුදා මූලස්ථානයේ පැවති ප්රණාම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවයට සමගාමීව, ප්රණාම සහතික හිමි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි සහ සෙසුනිලයින් සඳහා සහතිකපත් ප්රදානය කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 04 දින සංවිධානය කර ඇත.
04th October 2022 10:15:22 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 142 පාබල බලසේනා මූලස්ථානය, 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 7 වන ගැමුණු හේවා බලඇණිය සහ 14 වන බලඇණිය විජයබා පාබල රෙජිමේන්තුවේ යුධ හමුදා සාමාජිකයින් විසින් 2022 ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් තවත් මානුෂීය වැඩසහනක් 2022 ඔක්තෝබර් 01 වන දින 'SURASA' මාදිවෙල පිරිමි ළමුන් සඳහා වන විශේෂිත අධ්‍යාපන පාසල හා ළමා නිවාසයේහිදි සංවිධානය කරන ලදී.
14th September 2022 12:28:23 Hours
මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ 13 වන ආරක්ෂක සේනා ආඥාපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022 සැප්තැම්බර් 12වන දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සංචාරයක නිරත විය.
07th September 2022 18:13:55 Hours
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2022 සැප්තැම්බර් 05 වන දින බෙරගල - කෑගල්ල හි පිහිටි 611 පාබල බලසේනා මූලස්ථානයේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු වෙත නිල සංචාරයක නිරත විය.