Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th June 2023 14:31:00 Hours

2023 පොසොන් උත්සවය සැමරීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) භට පිරිස් එක් වේ

පොසොන් උත්සවය ශ්‍රී ලංකාවේ බෞද්ධයන් විසින් සමරනු ලබන ප්‍රධානතම උත්සවයකි. එය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී දිවයිනට බුදුදහම හඳුන්වා දුන් අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සිහිපත් කරයි. මෙම උත්සවය ජුනි මාසයේ පුර පසළොස්වක පොහොය දිනට යෙදී ඇති අතර එය විශාල ආගමික උද්යෝගයක් සහ සංස්කෘතික වැදගත්කමක් ඇති කාලයකි.

ඒ අනුව 2023 පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය සහ ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) භට පිරිස් සහ ස්වාධීන රූපවාහිනී සේවය (ITN) සමඟ එක්ව 'සවනක් රැස්' සීල සමාධි වැඩසටහන සංවිධානය කරන ලදී. 2023 ජූනි 03 වන දින පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමය විහාරස්ථානයේදී පැවැත් වු මෙම වැඩසටහනේ අරමුණ වූයේ මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ ආබාධිත සෙබළුන්, සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා ආශිර්වාද කිරීමය.

පූජ්‍ය හොරවල ධම්මජෝති නාහිමියන් සහ පූජ්‍ය දොඩම්පේ සද්ධාවිමල නාහිමියන්ගේ අනුශාසනා වලින් මෙම උත්සවය ආරම්භ වූ අතර, මෙම වැඩසටහන සදහා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩියු, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ඩි එමි කේ ඩි බි පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු, රෙජිමෙන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයන් ඇතුලු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි විය.

මෙම සීල සමාධී වැඩසටහනට අමතරව ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) සෙබළුන් සහ පනාගොඩ යුධ හමුදා ජනපදය තුල ස්ථාපිත රෙජිමේන්තු මධ්‍යස්ථාන විසින් හෝමාගම 'ධර්ම රශ්මි' පොසන් කලාපයට සමගාමිව හෝමාගම ප්‍රදේශයේ පිටිපන හන්දියේ සිට ගොඩගම හන්දිය දක්වා පොසොන් කලාපයක් නිර්මාණය කිරිමට කටයුතු කරන ලදි. මෙම පොසොන් කලාපය හෝමාගම පොසොන් උත්සවය නැරඹීමට පැමිණෙන බැති මතුන් හට ඉතා සුන්දර දසුනක් වු අතර මෙම පොසොන් කලාපය අලංකාර කැරකෙන කූඩු සහ තොරන් වලින් සමන්විත විය. ඉහත දැක්වු මෙම පොසොන් කාලාපය ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාධිපති තුමාලගේ පුර්ණ අධික්ෂණය යටතේ සිදුකරන ලදි.

තවද, සිවිල් අයතන සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන විසින් විශාල බත් දන්සලක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩාංගනයේදි පවත්වන ලදි. මෙහි වියළි සලාක සහ අමු සලාක සිවිල් ආයතන මගින් ලබා දුන් අතර ආහාර පිලියල කිරිම සහ බෙදා දිම යුධ හමුදා භට පිරිස් සිදු කරන ලදී.