Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd August 2023 18:09:20 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ආඥාපතිතුමන් සුභ මොහොතින් වැඩ අරඹයි

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ආඥාපති ලෙස පත් වු මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2023.08.17 දින සිය තනතුරෙහි සුභ මොහෝතින් වැඩ ආරම්භ කරන ලදි.

ප්‍රථමයෙන් නව ආඥාපතිතුමන් හට කදවුරු මුරයක් හා කදවුරු සම්මාන මුරයක් ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය වෙතින් ලබා දෙන ලද අතර, එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් නව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මනා විනයකින් යුතුව සිය රාජකාරීන් සිදුකිරීමේ වැදගත්කම පැහැදිළි කර එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබද ඔවුන් දැනුවත් කළේය. අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් භටපිරිස් සමගින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ,මාණ්ඩලික නිලධාරීන් විසින් නව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත බලප්‍රදේශයේ රාජකාරි සහ වගකීම් පිළිබඳවත් දැනට ක්‍රියාත්මක වන ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සඳහා ලබාදී ඇති දායකත්වය පිළිබඳවත් දැනුවත් කරන ලදී.

උත්සවය අවස්ථාව සඳහා 61 සහ 14 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - බටහිර නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.