Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th May 2023 15:36:06 Hours

අසරණ පවුලක් සදහා නව නිවසක් ඉදිකරදීම සදහා යුද්ධ හමුදා භට පිරිස් සහය ලබා දෙයි

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මතුගම කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලකට නව නිවසක් ඉදිකර දී ඇත. මෙම ව්‍යාපෘතිය මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සිදු කරන ලද අතර, එම නිවස 2023 මැයි 22 දින පවුලේ සමාජිකයින් වෙත භාර දෙන ලදී.

පියෙකු නොමැති දරුවන් හතර දෙනෙකුගෙන් යුත් දරිද්‍රතාවයෙන් පෙළනෙ මෙම අසරණ පවුල සදහා උපකාර කිරීමට අවධානය යොමු වී ඇති අනුග්‍රාහකයන් විසින් මෙම පවුල වෙනුවෙන් නිවසක් ඉදිකර දීම සඳහා ඉදිරිපත් වී ඇත. එම නිවස ඉදිකිරීම සදහා ශ්‍රම දායකත්වය සහ ඉදිකිරීම් කුසලතා ලබා ගැනීම සඳහා ඔවුන් යුධ හමුදාපතිවරයා වෙතින් ශ්‍රම දායකත්වය ඉල්ලුම් කළ අතර මෙම ව්‍යාපෘතිය සදහා අරමුදල් සැපයීමට TDK Trade Links Pvt. Ltd යන ආයතනය ඉදිරිපත්වී ඇති අතර, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් ඇතිව නියමිත පරිදි ව්‍යාපෘතිය නිම කිරීමට හැකි විය.

මෙම ව්‍යාපෘතිය සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් රු. 300,000.00 ක් සහ 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් රු. 486,000.00 ක් ලබාදී ඇත. මෙහි මුළු පිරිවැය රු. 2400,000.00 ක් වූ අතර, 612 පාබල බලසේනාවේ සහ 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් වෙත 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්වීම මත මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සදහා හේතු විය.

මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුතා ලෙස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සමගින් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි විය. පසුව එම පවුලේ සමාජිකයින් සමඟ පැරණි සම්ප්‍රදායන්ට අනුව තෙල් පහන් දැල්වීමේ චාරිත්‍රවලට එක් විය අතර ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහකයින් විසින් දිරි දීමනා වශයෙන් ප්‍රතිලාභීන් වෙත ත්‍යාග කිහිපයක් ද ප්‍රදානය කරන ලදී.

තවද, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, සෙසු නිලයින් සහ අනුග්‍රාහකයින් රැසක් ද සහභාගී විය.