31st January 2024 19:31:40 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජනවාරි 19 වන දින පාන්ගොල්ල 57 පාබල සේනාංකයේ බිම් මට්ටමේ ඉදිකිරීම් නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
09th January 2024 22:04:22 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) - 2024 හි පළමු දින වැඩසටහන 2024 ජනවාරි 01 වන දින සිදුකල අතර, එය ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය එසවීමේ උත්සවයකින් ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්එම් ප්‍රනාන්දු ඩබිලිව්ඩබිලිව්වී ආර්ඩබිලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසි, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ආරක්ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් කේටීපී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී සමඟ එක්ව ආරම්භ කරන ලදී. පිළිවෙලින් ජාතික ධජය සහ යුධ හමුදා ධජය ඔසවන ලදී. පසුව ජාතික ගීය සහ හමුදා ගීතය වාදනය අතර මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම සඳහා උත්තරීතර පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.
09th January 2024 21:42:40 Hours
නව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29 ) දින එම මුලස්ථානයේ භඨ පිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
09th January 2024 21:33:20 Hours
ධූරයෙන් නික්මයන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්රයේදී පැවැත්විණි.
22nd December 2023 13:02:14 Hours
ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී විඒස්වී යුඒස්පී ඒන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 12 වන දින පානලුව බළඇණි පුහුණු පාසෙලහි සංචාරයක නිරත විය.
26th November 2023 09:40:21 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සිදුකරනු ලැබූ නිල සංචාරයෙන් අනතුරුව කොට්ටාව, ඊ-1 දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් සහ පිටවීමේ හුවමාරුවේ හදිසි සේවා සඳහා යෙදවූ යුද්ධ හමුදා භටපිරිස් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
26th November 2023 09:37:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා නුදුරේදී විසිරයාමට නියමිත කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92, 92 බී, එස්සී 20 පාඨමාලාවන්හි කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම සඳහා සිදුකරනු ලබන පර්යේෂණ අධ්‍යනයන් පිළිබඳ සාකච්ඡා කර ඔවුන් සතු දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (2023 නොවැම්බර් මස 21) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලස්ථානයේදී එම කෙඩෙට් නිලධාරින් සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරතවූයේය.
26th November 2023 09:20:12 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර, 11 වන සංවත්සරයට සමගාමීව 61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 613 පාබල බලසේනා මූලස්ථානය සහ 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය වෙතින් 2023 නොවැම්බර් මස 18 දින මාතර තිහගොඩ ප්‍රදේශයේ රෝගීන් 650 දෙනෙකුට අධික පිරිසකට ප්‍රතිකාර ලබාදී ගර්භනී කාන්තාවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් මාතර, තිහගොඩ ප්‍රදේශයේ පිහිටි තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.
26th November 2023 09:16:41 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) සිය 11 වන සංවත්සරය 2023 නොවැම්බර් 15 වන දින උත්සව මාලාවක් සමඟින් සමරන ලදී. 11 වන සංවත්සරයට සමගාමීව, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද පතා ආඥාපති ආරක්ෂක සේනා (බටහිර) මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු ගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 14 වන දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පිංකම සහ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ මියගිය රණවිරුවන්.
26th October 2023 19:35:24 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) මේජර් ජෙනරාල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියුයන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ඔක්තෝම්බර් 23 වන දින කැන්දලන්ද නිලධාරි විවාහ නිවාස සංකීර්ණයේ දැනට නවාතැන් ගෙන සිටින සියලුම නිලධාරීන් අමතන ලදී. තවද මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ මහතා ද සහභාගී විය.