30th October 2024 08:42:16 Hours
නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් වීවෘත කිරීමේ උත්සවය 2024 ඔක්තෝබර් මස 25 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
29th October 2024 12:51:04 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2024 ඔක්තෝබර් මස 24 දින 572 පාබල බලසේනාවේ නිල සංචාරයක් සිදු කරන ලදී.
29th October 2024 12:43:56 Hours
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් යටියන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
29th October 2024 12:02:08 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මාතර තුඩාව ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභීන් වෙත පවරාදීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 23 දින පැවැත්විණි.
29th October 2024 11:56:07 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින ගංවතුරින් අවතැන්ව වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ කොටුවිල ගාමිණී විද්‍යාලය යන ස්ථානයන්හි පිහිටුවා ඇති මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයින්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම ස්ථානයන්හි සංචාරයක නිරතවිය.
29th October 2024 11:51:43 Hours
පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී 2024 ඔක්තෝම්බර් මස 11 දින පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
29th October 2024 11:44:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 10 දින යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සමගාමීව සුදු හඳුන් පැළයක් රෝපණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
29th October 2024 11:39:48 Hours
දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා පාබල හමුදාවේ 8 බලඇණියේ භටපිරිස් විසින් කුට්ටිවිල, කිරිඳිවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉඳිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 09 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
18th October 2024 12:02:06 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 ඔක්තෝම්බර් මස 02 දින ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) මූලස්ථානයේදී 3 වන (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 04 දෙනෙකු වෙනුවෙන් ප්රශංසාත්මක සහතිකපත් ප්රදානය කරන ලදී. 2024 සැප්තැම්බර් මස 30 දින නිල්වලා ගඟේදී සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු බේරා ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් මෙම පැසසුමට ඔවුන් ලක්කෙරිණි.
11th October 2024 15:42:41 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර් ඩබ්ලිව්පි ආර් එස්පි එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින මෙම විශේෂ උත්සවය පැවැත්විණි.