29th October 2024 12:51:04 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2024 ඔක්තෝබර් මස 24 දින 572 පාබල බලසේනාවේ නිල සංචාරයක් සිදු කරන ලදී.
නිල සංචාරය ආරම්භ කරමින් එතුමන් 572 පාබල බලසේනා මූලස්ථානය නවතමයෙන් ස්ථාපනය කිරීමට යෝජිත භූමිය පරීක්ෂා කරනු ලැබීය.
572 පාබල බලසේනා මූලස්ථානය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිණමන ලදී. අනතුරුව, එතුමන් වෙත එම පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් බලසේනාවේ මෙහෙයුම් කාර්ය භාරය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.
ඉන් අනතුරුව, එතුමන් 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් භටපිරිස් ආමන්ත්රනය කරමින් වර්ථමානයේ යුද්ධ හමුදාවට මුහුණදීමට ඇති ගැටළුකාරී තත්ත්වයන් මෙන්ම එහිදී පොලිසිය සහ අනෙකුත් ආයතන සමඟ යුද්ධ හමුදාව සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ලදී. එසේම ජාතික ආරක්ෂාවට සහය දැක්වීම සඳහා අවශ්‍ය හමුදා විනය, ක්‍රියාශීලී සැලසුම් සහ පෙර සූදානම පිළිබඳව අවධාරණය කළේය. අනතුරුව, එතුමන් විසින් එම බලඇණිය සතු ආපදා සහන උපකරණයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව පරීක්ෂාකල අතර, එහිදී හදිසි අවස්ථාවන් සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරන ලදී. එතුමන් සංචාරයේ කටයුතු සමාප්ත කරමින් අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.