Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th April 2023 11:33:28 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව රණවිරු සෙවණ - රාගම වෙත නිල සංචාරයක නිරත වෙයි

2023 අප්‍රේල් 24 වන දින සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු යුද්ධ හමුදා සුවතා නිකේතනයන් හී සුවය ලබන හමුදා සෙබලුන්ගේ සුවදුක් සොයාබැලීම සදහා එම ස්ථානයන් වෙත පැමිණෙන ලදී.

ඒ අනුව යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අප්‍රේල් 24 වන දින උදෑසන රාගම රණවිරු සෙවණේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හමුදා සෙබලුන්ගේ සුවදුක් සොයාබැලීම සදහා නිල සංචාරයක නිරත විය.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් රාගම රණවිරු සෙවණ පරිශ්‍රයට පැමිණෙන විටදී, රාගම රණවිරු සෙවණ සේනාවිධායක බ්‍රිගේඩියර් බී එන් මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ආබාධීත රණවිරුවිකු විසින් එතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පසුව, ආඥාපති තුමන් ආබාධීත රණවිරුවන් සමග අදහස් කිහිපයක් හුවමාරු කර ගත් අතර, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය. මෙහිදී ආඥාපති තුමන් සෑම වාට්ටුවකම ප්‍රතිකාර ලබන ආබාධිත සෙබලුන් සමග සුහද කථා බහක නිරත වු අතර, ඔවුන්ගේ අනාගතය සදහා සහ 2023 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තම සුභපැතුම් එක් කරන ලදී. එමෙන්ම ආඥාපති තුමා විසින් යුද්ධ හමුදාධිපති තුමන්, ආබාධීත රණවිරුවන් සදහා පිළියෙල කර ලැබු අවුරුදු ත්‍යාගයන් ප්‍රධානය කිරිමද සිදුකරන ලදී.

මෙම වැඩසටහන නිමාවත් සමග ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමා අමුත්තන්ගේ පොතේ ප්‍රශංසනීය සටහනක් ලියා තැබු අතර, රණවිරු සෙවණ රාගම පරිශ්‍රයෙන් පිටවීමට පෙර එහි සේවයේ නියුතු සියලුම නිලධාරින් සමග සුහද කතා බහක නිරත වු අතර, සිදුකරන්නාවු සේවය ඇගයීමට ලක් කිරිමට අමතක නොකළේය.

තවද, මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජේ ඒ ආර් එස් කේ ජයසේකර යූඑස්පී පීඑස්සී, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී පී ඩී වී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී විය.