Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:01:11 Hours

අඥාපති අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2023 ශුරතාවය ආරක්ෂක සේනා (බටහිර) වෙත හිමිවිය

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උපදෙස් පරිදි 'ආඥාපති අභියෝග කුසලාන වොලිබෝල් තරඟාවලිය 2023 මාර්තු 27 සිට 29 දින දක්වා යුද්ධ හමුදා සේවා බළකා වොලිබෝල් ක්‍රීඩාංගණ‌යේදී සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකා ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා (බටහිර) සහ යටතේ පාලනය වන පාබල සේනාංක සහ බලසේනා කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුනු අතර, ඒ අතරින් අවසන් තරගයට සදහා ආරක්‍ෂක සේනා (බටහිර) කණ්ඩායම සහ 143 පාබල බලසේනා කණ්ඩායම සුදුසුකම් ලැබිය.

ඒ අනුව අවසන් මහා තරගය 2023 අප්‍රේල් මස 03 වන දින පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ අතර ආරක්ෂක සේනා (බටහිර) කණ්ඩායම විසින් තරග 3-0 ක් ලෙස 143 පාබල බලසේනා කණ්ඩායම පරාජයට පත්කර කරමින් ආරක්ෂක සේනා (බටහිර) කණ්ඩායම ජයග්‍රාහනය කරන ලදි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා: ලාන්ස් කෝප්‍රල් දේවින්ද ඩී එච් එස් - ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර)

හොඳම ප්‍රහාරකයා: ලාන්ස් කෝප්‍රල් මධුෂාන් පිඑචිඅයියු - 143 පාබල බළසේනා මූලස්ථානය

හොඳම පන්දු සකසන්නා: ලාන්ස් කෝප්‍රල් සඳරුවන් පී වී ආර් - ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර)

හොඳම ඔසවන්නා : සාසෙ චතුරංග - ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර)

මේ අතර, අවසන් මහා තරඟය වර්ණවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා රංග කලා අම නර්ථන කණ්ඩායම විසින් නර්ථන ඉසව් කිහිපයක්ද ඉදිරිපත් කරන ලදි.

මෙම අවසන් මහා තරගය සදහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බළසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, සෙසු නිලයින් සහ වොලිබෝල් ක්‍රීඩා ලෝලීන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී වු අතර, තරගය අවසානයේ ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) විසින් කණ්ඩායම් දෙකෙහි සාමාජිකයින් හට ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කරන ලදී.

තවද, මෙම තරගයෙහි කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම 2023 අප්‍රේල් 10 වන දින පවත්වනු ලබන අතර, එදින රාත්‍රියේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සංගීත ප්‍රසංගයක් ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) වෙතින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.