Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd January 2023 14:17:27 Hours

2023 නව වසර උදාව සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) වර්ෂයේ පලවන දින රාජකාරි ආරම්භ කරනු ලබයි.

ආරක්‍ෂක සේනා (බටහිර) 2023 වර්ෂයේ පලවන දින රාජකාරි ආරම්භය සනිටුහන් කරමින් කරමින් 2023 ජනවාරි මස 02 දින ප්‍රථමයෙන් ජාතික ධජය එසවීම සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ යුද්ධ හමුදා ධජය එසවිම සදහා ආරක්‍ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් ඩී ඒ අමරසේකර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සිදුකිරිමෙන් අනතුරුව, ජාතික ගීය සහ හමුදා ගීතය වාදනය කිරිමෙන් පසු මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම උදෙසා උත්තරීතර ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

ඉන් අනතුරුව, සියලුම නිලයන් විසින් 'රාජ්‍ය සේවක දිවුරුම් දීම' සිදු කරන ලද අතර, අනතුරුව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමා විසින් භට පිරිස් අමතා, සෞභාග්‍යමත් නව වසරක් සදහා සිය සුභපැතුම් එක්කරන ලද අතර, පසුගිය කාලය පුරාවට ආරක්ෂක සෙනා (බටහිර) භට පිරිස් විසින් සිදුකරන ලද රාජකාරි කැප කිරිම් අගය කිරිමටද අමතක නොකළේය. තවද, අනාගතයේදී ද ඔවුන්ගේ අමිල සේවාව රට වෙනුවෙන් ලබාදිමටඇප කැප වන ලෙදස, ආඥාපති තුමන් පවසා සිටියහ. අනතුරුව බටහිර ආරක්‍ෂක සේනා (බටහිර) සියලුම නිළයන් සඳහා වු තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබු අතර, ඒහිදි ආඥාපති තුමන් සියලු නිලයන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

මෙම උත්සව වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා (බටහිර) දැනට සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 39 දෙනෙකු සඳහා වියළි සලාක මළු බෙදා දීමේ වැඩසටහනක් ද සංවිධානය කරනු ලැබිය.