14th October 2024 11:07:29 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් දඹුල්ල රජමහා විහාරය මගින් පාලනය වන දඹුල්ල ශ්‍රී ජිනරතන ළමා සුරැකුම් මධ්‍යස්ථානයේදී පිරිසිදු කිරීමේ/දානමය හා පරිත්‍යාග වැඩසටහනක් 2024 ඔක්තෝබර් 12 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරය සහ ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන ලදී.
08th July 2023 00:36:24 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 61 පාසේමු හි සේනාංකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2023 ජුලි 03 වන දින යාන්ත්‍රික පාබල බළසේනා මූලස්ථානය වෙත සංචාරය සිදුකරන ලදී.
07th July 2023 23:50:25 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයට පත්වීමෙන් අනතුරුව 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කල අතර, ඒකකයේ සියලුම දෙනාගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද සරඹ භූමිය උත්සවාකාරයෙන් 2023 ජූලි 04 වන දින රෙජිමේන්තු අධිපතිතුමන් වන මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී විසින් විවෘත කරන ලදී. එම අවස්ථාවට බ්‍රිගේඩියර් බිපිජිකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී (බලසේනාධිපති - යාන්ත්‍රික පාබල බලසේනාව), බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සී (මධ්‍යස්ථාන සේනාවිධායක - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව), කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පී යුඑස්පී (සේනාවිධායක - යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය), ලුතිතන් කර්නල් ආර්ඒඑස්ආර් රණසිංහ යූඑස්පී පීඑස්සී - මානි 1 (පාලන) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ලුතිතන් කර්නල් ඩබ්ලිව්එච්එම්සි ධර්මවංශ ආර්එස්පී යුඑස්පී පීඑස්සී (ප්‍රමානි 1 - යාන්ත්‍රික පාබල බලසේනාව), ලුතිතන් කර්නල් බිඒඑල් බාලසූරිය ආර්එස්පී යුඑස්පී (අනදෙණ නිලධාරි - 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව), ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ජ්‍යෙකොනොනින් සහ සෙසුනිලයින් එම උත්සව අවස්ථාවට සහභාගී වන ලදී.
07th July 2023 23:40:14 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස අභිනව වැඩ භාර ගැනීමෙන් පසු, මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එච්ඩිඑම්සී පිඑස්සී - 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් 2023 ජූලි මස 03 වන දින 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පළමු නිල සංචාරය සනිටුහන් කරන ලදී.
07th July 2023 23:31:15 Hours
යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ පහලොස්වන රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වු මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යේෂ්ඨ නිළධාරී තුමන්ගේ යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයෙහි කඳවුරු සංචාරය 2023 ජුලි මස හතරවන දින සිදු කරන ලදී.
24th June 2023 19:51:19 Hours
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) සිකුරාදා (23) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය. නුදුරේදී පිටත්වීමට නියමිත යාන්ත්‍රික පාබල භඨපිරිස් සාර්ථක පුහුණුවීමකින් පසුව විසිර ගිය අතර, එම භඨපිරිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් සහ සෙසුනිළයින් 21 දෙනෙකුගෙන් සමන්විත වේ. තවද මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබිලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී පිඑස්සී එච්ඩිඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, යාන්ත්‍රික පාබල බළ සේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බිපිජිකේ බාලසුරිය ආර්එස්පී පිඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඒ එම් ඒ අබේසිංහ ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී පිඑස්සී යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ද සහභාගී වූ අතර යාන්ත්‍රික පාබල භඨපිරිස් සඳහා මේජර් එච්ජීපී හපුකොටුව ජ්‍යෙෂ්ඨ නිලධාරී සංග්‍රාමික රථ පෙළෙහි නිලධාරී අණදෙන වශයෙන් අණදෙනු ලබයි.
09th March 2023 09:32:34 Hours
මේජර් කේඒකේඑස් කොඩිතුවක්කු යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 5 වන යාන්ත්‍රික පාබල බලඇණියේ 8 වන අණදෙන නිලධාරි ලෙස 2023 මාර්තු 08 වන දින වැඩ භාර ගන්නා ලදී. බළඇණිය වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. බෞද්ධ ආගමික වතාවත් සදහා මුල්තැන ලබා දෙමින් නව අණදෙන නිළධාරි තුමන් නිල වශයෙන් රාජකාරි භාරගත් අතර, අනතුරුව කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම හා භට පිරිස් ඇමතීම සිදු කරන ලදි. ඉන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකින් සහ කඳවුරු සංචාරයකින් අනතුරුව උත්සවය අවසන් විය.
08th March 2023 09:28:21 Hours
ලුතිනන් කර්නල් ඩීජීජේබීපී දෙඹටගහවත්ත යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 1 වන යාන්ත්‍රික පාබල බලඇණියේ 9 වන අණදෙන නිලධාරි ලෙස 2023 මාර්තු 07 වන දින වැඩ භාර ගන්නා ලදී. බළඇණිය වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව භටපිරිස් විසින් පිරිනමන ලද උත්සවාකාර පෙළපාලියකින් අභිනවයෙන් පත් කරන ලද අණදෙන නිලධාරී තුමන් වෙත තම ආචාරය පිරිනමන ලද අතර එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. ඉන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයකින් පසු එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය.
18th February 2023 10:29:47 Hours
දෙහිප්පාව ග්‍රාමයේ අඩු ආදායම්ලාභී ආබාධිත පවුලක ඉල්ලීමක් මත යාන්ත්‍රික පාබල හමුදා භට පිරිස් විසින් ජලය ගමන් ගන්නා ඇළ මාර්ගයක් මතින් ඉදිකර ඇති ලී පාලම ප්‍රතිසංස්කරණය කර දී එම පවුලේ ගමන් බිමන් පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදි.
14th February 2023 10:25:27 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු තරුණ නිලධාරීන් ඉන්දියාවේ සහ දේශීය තරුණ නිලධාරී පාඨමාලාව හැදාරා දැනුමෙන් සන්නද්ධ වූ තරුණ නිලධාරීන් 2023 පෙබරවාරි 14 වැනි දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිය ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.