Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

14th October 2024 11:07:29 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වැනි සංවත්සරයට සමගාමීව යාන්ත්‍රික පාබල සේවා වනිතා ශාඛාව වෙතින් දඹුල්ල ශ්‍රී ජිනරතන ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ/දානමය සහ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් දඹුල්ල රජමහා විහාරය මගින් පාලනය වන දඹුල්ල ශ්‍රී ජිනරතන ළමා සුරැකුම් මධ්‍යස්ථානයේදී පිරිසිදු කිරීමේ/දානමය හා පරිත්‍යාග වැඩසටහනක් 2024 ඔක්තෝබර් 12 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරය සහ ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන ලදී.

ඊට අමතරව ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ළමුන් 30 දෙනෙකු සඳහා විනෝදාස්වාද වැඩසටහනක් සහ දිවා ආහාරයද ලබා දෙන ලදී. මෙම වැඩසටහන 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධ්පති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එස් සී කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ කේ පීරිස් ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. දඹුල්ල මහනගර සභාව ද පවිත්‍රතා වැඩසටහන සඳහා ඔවුන්ගේ සහය සහ දායකත්වය ලබා දී ඇත.