Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

08th July 2023 00:36:24 Hours

නව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති තුමන්ගේ යාන්ත්‍රික පාබල බළසේනා මූලස්ථාන සංචාරය

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 61 පාසේමු හි සේනාංකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2023 ජුලි 03 වන දින යාන්ත්‍රික පාබල බළසේනා මූලස්ථානය වෙත සංචාරය සිදුකරන ලදී.

එම නිල සංචාරයේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනම මින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන් අනතුරුව බළසේනාධිපති විසින් බළසේනා මුලස්ථානය සබැදීව ඉදිරිපත් කිරිමක් සිදුකිරීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රය තුළ ක්‍ෂේත්‍ර චාරිකාවකද නිරත විය. එම සංචාරය සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රය තුල රුක් රෝපණය කල මේජර් ජෙනරල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ යාන්ත්‍රික පාබල බළසේනා මුලස්ථානය නියෝජනය කරමින් අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.