Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

07th July 2023 23:40:14 Hours

පහලොස්වන රෙජිමේන්තු අධිපති තුමන් විසින් 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කරන ලද පළමු නිල කඳවුරු සංචාරය

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස අභිනව වැඩ භාර ගැනීමෙන් පසු, මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එච්ඩිඑම්සී පිඑස්සී - 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් 2023 ජූලි මස 03 වන දින 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පළමු නිල සංචාරය සනිටුහන් කරන ලදී.

1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් ඩිජිජේබීපී දෙඹටගහවත්ත යුඑස්පී පිඑස්සී විසින් මෙම සංචාරයේදී ඉතා උත්කර්ශවත් ලෙස රෙජිමේන්තු අධිපති තුමන්ව පිළිගත් අතර, ඔහු 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අමතා ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳව සොයා බලන ලදී. එමෙන්ම, කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් සිටුවා මතක සටහන් තබන්නටද ඔහුට ආරාධනා කෙරිණී.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් ද රෙජිමේන්තු අධිපති තුමන් සමඟ මෙම ඒකක සංචාරය සඳහා සහභාගී වන ලදී.