Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

09th March 2023 09:32:34 Hours

5 වන යාන්ත්‍රික පාබල බලඇණියේ නව අණදෙන නිළධාරී තුමන් රාජකාරි භාර ගැනීම

මේජර් කේඒකේඑස් කොඩිතුවක්කු යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 5 වන යාන්ත්‍රික පාබල බලඇණියේ 8 වන අණදෙන නිලධාරි ලෙස 2023 මාර්තු 08 වන දින වැඩ භාර ගන්නා ලදී. බළඇණිය වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. බෞද්ධ ආගමික වතාවත් සදහා මුල්තැන ලබා දෙමින් නව අණදෙන නිළධාරි තුමන් නිල වශයෙන් රාජකාරි භාරගත් අතර, අනතුරුව කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම හා භට පිරිස් ඇමතීම සිදු කරන ලදි. ඉන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකින් සහ කඳවුරු සංචාරයකින් අනතුරුව උත්සවය අවසන් විය.