09th February 2023 10:18:53 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් රෙජිමේන්තු අධිපති ධූරයට පත්වීමෙන් පසු 2023 පෙබරවාරි 09 වන දින යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ සහ 2 වන බලඇණිය වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
08th February 2023 10:11:47 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - ආඥාපති, ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2023 පෙබරවාරි 08 වන දින යාන්ත්‍රික පාබල බළසේනාව,1 වන සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සංචාරය සිදු කරන ලදී.
16th January 2023 12:15:21 Hours
පෙරියකඩ්ඩු යානත්රික පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන ලද තරුණ නිලධාරී පාඨමාලාව මාස පහකට ආසන්න කාල සීමාවක් තුල සාර්ථකව අවසන් කල යාන්ත්‍රික පාබල තරුණ නිලධාරීන් 09 දෙනෙකු සදහා සහතික ප්‍රධානය 2023.01.07 වන දින වර්ණවත් සමාප්ති උත්සවයකින් අවසන් විය.
09th January 2023 15:47:37 Hours
යාන්ත්‍රික පාබල සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස හිමාලි පුස්සැල්ල මහත්මිය වැඩ භාරගත් අතර එම උත්සවය 2022 දෙසැම්බර් මස 05 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දෙහිප්පාව නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී පැවැත්විණි. චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සව අවස්ථාවේ වැඩ කටයුතු ආරම්භ කළාය.
08th January 2023 06:02:26 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත නවතමයෙන් ඇතුලත් වූ නවක නිලධාරීන් 09 දෙනෙකු සදහා 2023.01.07 සිට 2023.01.18 දක්වා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව පිළිබද හදුන්වාදීමේ වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
05th January 2023 14:39:38 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව මධ්‍යස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් විශ්‍රාම දිවියට එලඹෙන මේජර් ජෙනරල් එස්ජේ ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය 2022.12.5 සහ 6 දෙදින තුල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
30th December 2022 10:42:57 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික කමිටු රැස්වීම 2022 දෙසැම්බර් 30 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරී නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හිමාලි පුස්සැල්ල මහත්මිය කමිටුවේ ප්‍රධානියා විය. මේ සදහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ උප සභාපති, ලේකම්, විධායක කමිටු සාමාජිකයින් සහ අනෙකුත් සාමාජිකයින් සහභාගී විය.
03rd December 2022 09:53:41 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දහතුන්වන රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය ධූරයෙන් සමුගැනීමේ උත්සවය 2022.11.30 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ එම් ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.
19th November 2021 12:42:27 Hours
යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් මූලික සංඥා වෙඩිකරු පාඨමාලාව අංක - 23 යටතේ 2021.07.19 දින සිට 2021.11.06 දින දක්වා පුරා මාස 04 කට ආසන්න කාලයක් අධියරයන් 05 ක් තුල කථා පිළිවෙත, සංඥා යන්ත්‍ර, යාන්ත්‍රික අවි, අවි පාලන උපකරණ, පොදු මූලධර්ම වශයෙන් සාර්ථකව සිදු කරමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ඒකකයන් තුල සන්නද්ධ රථයන්හි සංඥා වෙඩිකරුවන් ලෙස රාජකාරි කිරීමට සෙනීන් දායාද කරන ලදි.
19th November 2021 12:28:02 Hours
යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් සන්නද්ධ රථ අණදෙන්නන්ගේ පාඨමාලාව 2021.06.14 දින සිට 2021.11.06 දින දක්වා පුරා මාස 05 කට ආසන්න කාලයක් අධියරයන් 05 ක් යටතේ එනම් BMP MK II ICV රථය, T 89 VPI APC රථය, WMZ 551 B APC රථය මෙන්ම එම රථ වලට අයත් අවි/සංඥා යන්ත්‍ර හා පොදු මූලධර්ම යුධ උපක්‍රම පිළිබද ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා දී ඉතා සාර්ථකව අවසන් කරන ලදි.