Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

08th February 2023 10:11:47 Hours

රෙජිමේන්තු අධිපති තුමන් යාන්ත්‍රික පාබල බළසේනාව, 1 වන සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සංචාරය කරයි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - ආඥාපති, ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2023 පෙබරවාරි 08 වන දින යාන්ත්‍රික පාබල බළසේනාව,1 වන සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සංචාරය සිදු කරන ලදී.

එම නිල සංචාරයන්හිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමමින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. අනතුරුව, සෑම කඳවුරකම සියලුම භටපිරිස් අමතා ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලූ එතුමන් එම කඳවුරු පරිශ්‍රයන් තුළ ක්‍ෂේත්‍ර චාරිකාවකද නිරත විය. එම සංචාරයන් සනිටුහන් කිරීම සඳහා සෑම කඳවුරු පරිශ්‍රයකම රුක් රෝපණය කල මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී පී ජී කේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ එම් ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 552 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී, අණදෙන නිලධාරී වරුන් සහ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් ද මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.