Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

09th February 2023 10:18:53 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ පලමු නිල සංචාරය යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයට සහ 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් රෙජිමේන්තු අධිපති ධූරයට පත්වීමෙන් පසු 2023 පෙබරවාරි 09 වන දින යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ සහ 2 වන බලඇණිය වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

එම නිල සංචාරයන්හිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමමින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. අනතුරුව, සෑම කඳවුරකම සියලුම භටපිරිස් අමතා ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලූ එතුමන් එම කඳවුරු පරිශ්‍රයන් තුළ ක්‍ෂේත්‍ර චාරිකාවකද නිරත විය. එම සංචාරයන් සනිටුහන් කිරීම සඳහා සෑම කඳවුරු පරිශ්‍රයකම රුක් රෝපණය කල මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී පී ජී කේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, අණදෙන නිලධාරී වරුන් සහ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් ද මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.