Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

08th March 2023 09:28:21 Hours

1 වන යාන්ත්‍රික පාබල බලඇණියේ නව අණදෙන නිළධාරී තුමන් රාජකාරි භාර ගැනීම

ලුතිනන් කර්නල් ඩීජීජේබීපී දෙඹටගහවත්ත යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 1 වන යාන්ත්‍රික පාබල බලඇණියේ 9 වන අණදෙන නිලධාරි ලෙස 2023 මාර්තු 07 වන දින වැඩ භාර ගන්නා ලදී. බළඇණිය වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව භටපිරිස් විසින් පිරිනමන ලද උත්සවාකාර පෙළපාලියකින් අභිනවයෙන් පත් කරන ලද අණදෙන නිලධාරී තුමන් වෙත තම ආචාරය පිරිනමන ලද අතර එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. ඉන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයකින් පසු එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය.