Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

07th July 2023 23:31:15 Hours

පහලොස්වන රෙජිමේන්තු අධිපති තුමන් විසින් යාන්ත්‍රික පාබල පුහුණු පාසලෙහි කරන ලද පළමු නිල කඳවුරු සංචාරය

යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ පහලොස්වන රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වු මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යේෂ්ඨ නිළධාරී තුමන්ගේ යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයෙහි කඳවුරු සංචාරය 2023 ජුලි මස හතරවන දින සිදු කරන ලදී.

මෙම කදවුරු සංචාරය තුලදි බනි/සැරයන් නිවස්නයේ අභිනවයෙන් ඉදි කරන ලද නේවාසිකාගාර ගොඩනැගිල්ල එතුමන්ගේ සුරතින් විවෘත කරන ලද අතර, පුහුණු මධ්‍යස්ථානයෙහි ඉදිරි ප්‍රගමණය පිළිබදව ඉතා හරවත් උපදෙස් ලබාදෙන ලදි. සියළු භඨ පිරිස් ඇමතීමේදී නිළධාරි සහ සෙසුනිළයින් යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස ඕනෑම තත්වයකට මුහුණ දීමට හැකිවීමට නම් මනා පුහුණුවේ වටිනාකම අවධාරණය කරන ලදී. ඒ අතර තරුණ නිළධාරි පාඨමාලාව හදාරනු ලබන නිළධාරින් සදහා ඉතා හරවත් දේශණයක් සිදු කරන ලදී.

මෙම කදවුරු සංචාරය යාන්ත්‍රික පාබළ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී, යාන්ත්‍රික පාබළ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යේෂ්ඨ නිළධාරීන් හා අනෙකුත් මාණ්ඩලික නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. කඳවුරු සංචාරය සදහා අවශ්‍ය සියළු කටයුතු යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එච්ඒඒඑන්සී ප්‍රභාත් ආර්එස්පී යුඑස්පී යන ජ්‍යේෂ්ඨ නිළධාරීගේ මග පෙන්වීම යටතේ සිදු කරන ලදී.