Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

07th July 2023 23:50:25 Hours

පහලොස්වන රෙජිමේන්තු අධිපති තුමන් විසින් 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කරන ලද පළමු නිල කඳවුරු සංචාරය

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයට පත්වීමෙන් අනතුරුව 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කල අතර, ඒකකයේ සියලුම දෙනාගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද සරඹ භූමිය උත්සවාකාරයෙන් 2023 ජූලි 04 වන දින රෙජිමේන්තු අධිපතිතුමන් වන මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී විසින් විවෘත කරන ලදී. එම අවස්ථාවට බ්‍රිගේඩියර් බිපිජිකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී (බලසේනාධිපති - යාන්ත්‍රික පාබල බලසේනාව), බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සී (මධ්‍යස්ථාන සේනාවිධායක - යාන්‍ත්‍රික පාබල රෙජිමේන්තුව), කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පී යුඑස්පී (සේනාවිධායක - යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය), ලුතිතන් කර්නල් ආර්ඒඑස්ආර් රණසිංහ යූඑස්පී පීඑස්සී - මානි 1 (පාලන) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ලුතිතන් කර්නල් ඩබ්ලිව්එච්එම්සි ධර්මවංශ ආර්එස්පී යුඑස්පී පීඑස්සී (ප්‍රමානි 1 - යාන්ත්‍රික පාබල බලසේනාව), ලුතිතන් කර්නල් බිඒඑල් බාලසූරිය ආර්එස්පී යුඑස්පී (අනදෙණ නිලධාරි - 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව), ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ජ්‍යෙකොනොනින් සහ සෙසුනිලයින් එම උත්සව අවස්ථාවට සහභාගී වන ලදී.