Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

24th June 2023 19:51:19 Hours

මාලි රාජ්‍ය වෙත සාමසාධක රාජකාරි සඳහා යාන්ත්‍රික පාබල භඨපිරිස් සහභාගි වීම

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) සිකුරාදා (23) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය. නුදුරේදී පිටත්වීමට නියමිත යාන්ත්‍රික පාබල භඨපිරිස් සාර්ථක පුහුණුවීමකින් පසුව විසිර ගිය අතර, එම භඨපිරිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් සහ සෙසුනිළයින් 21 දෙනෙකුගෙන් සමන්විත වේ. තවද මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබිලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී පිඑස්සී එච්ඩිඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, යාන්ත්‍රික පාබල බළ සේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බිපිජිකේ බාලසුරිය ආර්එස්පී පිඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඒ එම් ඒ අබේසිංහ ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී පිඑස්සී යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ද සහභාගී වූ අතර යාන්ත්‍රික පාබල භඨපිරිස් සඳහා මේජර් එච්ජීපී හපුකොටුව ජ්‍යෙෂ්ඨ නිලධාරී සංග්‍රාමික රථ පෙළෙහි නිලධාරී අණදෙන වශයෙන් අණදෙනු ලබයි.