05th January 2021 16:07:28 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් ත්‍රස්තවාදි ප්රහාරයන් හේතුවෙන් රණක්ෂිතයට පත් නිවසක් නොමැති රණවිරුවන් තිදෙනකු හට යුද්ධ හමුදාපති තුමාගේ විශේෂ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පුර්ණ නිවාස ව්‍යාපෘතියෙහි V වන අධියර යටතේ නිවාස 03ක් යුධ සේවා ලේකම් සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පි ජේ ගමගේ ආර්ඩබ්පි, ආර්එස්පි, යුඑස්පි, එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2021.01.03 දින පහත නම් සදහන් රණවිරුවන් වෙත ප්රදානය කරන ලදි.
29th December 2020 11:03:54 Hours
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නව ඉදිකිරීම් සහ සුභසාධන ව්‍යාපෘති කිහිපයක සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු භටපිරිස් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
16th December 2020 20:33:07 Hours
15th December 2020 22:16:19 Hours
ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පීජේ ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ, 14, 2, 9, 6 සහ 13 යන ශ්‍රීලංජාආබමු ඒකකයන්හී සංචාරයක නිරත විය.
04th February 2020 22:32:20 Hours
15 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 11 වන අණදෙන නිළධාරි තුමන් වශයෙන් මේජර් එස්යුඩබ්ලිව් විමලරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2020 ජනවාරි මස 27 වන දින යුධ හමුදා චාරිත්ත්රානුකූලව සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය.
04th January 2020 18:33:03 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 7 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් කේඑම් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2019 දෙසැම්බර් මස 30 වන දින යුධ හමුදා චාරිත්ත්රානුකූලව සහ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය.
04th January 2020 08:36:09 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ වැනි මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි ඉටු කල බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2019 දෙසැම්බර් මස 27 වන දින තම ධූරයෙන් නික්ම යන ලදි. ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙත කල අසීමිත සේවාව වෙනුවෙන් හෙරළියාවල කදවුරු සරඔ භූමියේදී එතුමන් වෙත අභිමානවත් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරි නමන ලදි.
07th November 2019 16:41:30 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 17 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී එන්ඩීසී 2019 නොවැම්බර් මස 07 වන දින යුධ හමුදා චාරිත්‍රානුකුලව සහ මහා සංඝරත්නයේ පිරිත් සඡ්ජායනා මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය. ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති ධූරයට අමතරව එතුමන් දැනට ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති වශයෙන් ද කටයුතු කරනු ලබයි.
15th September 2019 22:49:16 Hours
ස්වාර්ථයට පෙර දේශය තේමා පාඨය කර ගත් බලඇණි 20 කින් සමන්විත ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධයෙන් මියගිය, රණක්ෂිතයට පත් රණවිරුවන්ගේත්, දැනට සේවයේ යෙදී සිටින සෙබළුන්ගේත් පවුල්වල සුබසාධන කටයුතු මෙන්ම රෙජිමේන්තු මධ්යතස්ථානයේ සහ එයට අයත් බලඇණියන්හි යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ කොට ගනිමින් සංවිධානය කරන ලද ගාඩියන්ස් මේලා වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලිය 2019 අගෝස්තු මස 30, 31, සහ සැප්තැම්බර් මස 01 යන තෙදින මාවතගම සාමෝදය ක්‍රිඩාංගණයේදී පැවැත්විණි. මෙයින් උපයන ලද ආදායමින් යුද්ධයෙන් මියගිය සහ විවිධ වූ ආබාධ සහිත තත්වයන්ට පත් වූ රණවිරුවන් වෙත නිවාස 20 ක් ඉදිකර දීම සහ එම පවුල් වල අධ්‍යාපනය ලබන දුදරුවන් වෙත ශිෂ්‍යත්ව ලබා දීම ඇතුළු රණවිරු සුභසාධන කටයුතු රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇත.
01st March 2019 16:56:02 Hours
වසර 29 ක අභිමාණවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සිය ඉතිහාසය තුල තවත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියනු ලැබීය. රෙජිමේන්තුව වෙත ආවේනික නිල ලාංඡණයක උරුමය 2019 ජනවාරි මස 10 දින හිමිකරගත් අතර ශ්‍රී ජාතික ජාතික ආරක්ෂක බලමුළුව විසින් මෙම අවස්ථාව අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.