23rd January 2019 12:35:55 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් නිලධාරී/සෙනීන් විසින් 2018-06-01 සිට 2018-12-31 කාලසීමාව තුලදී රෙජිමේන්තුවට අත්කරදුන් කීර්තිය හා ජයග්රහනයන් වෙනුවෙන් ඔවුන් අගයනු වස් ප්රණාම සහතික හා උපහාර පිදීමේ උළෙලක් 2018 ජනවාරි 17 දින රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
03rd November 2018 23:05:34 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ක බලමුළු ඉතිහාසය තුල මෙතෙක් නොවු විරු ස්වර්ණමය යුගයක් පසු කරමින් තම අභිමානවත් 28 වන සංවත්සරය 2018 නොවැම්බර් මස 01 දින උත්කර්ශවත් අන්දමින් සමරණු ලැබීය. යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව වෙත 1991 නොවැම්බර් මස 01 දින යුද්ධ හමුදාවේ ලාබාලතම සාමාජිකයා වශයෙන් එක් වූ මෙම රෙජිමේන්තුව පසුගිය වකවානුව තුල පැවැති ක්‍රියාන්විතයන් වෙත සිය සක්‍රිය දායකත්වය ලබාදෙමින් රෙජිමේන්තුව ආ ගමන් මග දෙස ආපසු හැරී බැලීමේදී විවිධ අභියෝග කඩඉම් සහ විවිධ සංධිස්ථානයන් රැසක් පසුකරමින් අතිසාර්ථකව 28 වසක් සපිරූ බව සාඩම්බරයෙන් සිහිපත් කරමු.
09th August 2018 14:07:06 Hours
22 වෙනි ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුව ආසේමු (යා) ප්‍රදේශයේ 521 බලසේනාව යටතේ වල්ලෙයි ප්‍රදේශයේ ස්ථානගතව රටේ පවතින සාමය සහ සංහිදියාව වර්ධනය කිරිම. ආරක්ෂාව සපයමින් සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයන් වෙත පරිපාලන කටයුතු වලදිද නොමද සහයක් ලබාදෙමින් ගෙවුනු වසර 20 ක මතකයන් සමගින් 20 වෙනි බලඇණි සංවත්සරය 2018 ක් වූ ජුලි මස 28 වෙනි දින වත්මන් වැ:බ අණදෙන නිලධාරි මේජර් එච්එම්එල්බී සමරකෝන් ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදිම යටතේ ඒකකයේ නිලධාරි/සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් අභිමානයෙන් සමරන ලදි.
03rd August 2018 15:35:05 Hours
08th April 2018 11:17:49 Hours
07th April 2018 15:34:50 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ඒකකයන්හි දෙවන අණදෙන නිලධාරීන්ගේ සාකච්ඡාව මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්බී කොහොන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2018 පෙබරවාරි මස 27 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.