Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ඉතිහාසය

1989 නොවැම්බර් මස 01 වන දින ප්‍රභූ ආරක්ෂක බලකාය සඳහා යොදවා තිබූ ප්‍රධාන බලඇණි ඒකාබද්ධ කරන ලදී. ප්රථම ආරක්ෂක බලකාය ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ නව බලකායක් ලෙස උසස් කරන ලද අතර එය ජ්යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු යටතේ කොළඹ මැලේ වීදියෙහි ස්ථාපනය කරන ලදී. මේජර් එස් වේරගම-SLAPC.

1991 නොවැම්බර් මස 12 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකායේ පළමු කර්නල්වරයා වශයෙන් කර්නල් ජේ.එස්.බී. මේ වන විට යුධ සේනාංක සංඛ්යාව දහය දක්වා වැඩිවිය. ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලකායේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකාය තාවකාලිකව පිහිටුවනු ලැබුවේ 1991 දෙසැම්බර් මස 14 වන දින ශ්රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ බත්තරමුල්ලේ පිහිටි මූලස්ථානය වෙතය. ඉන්පසු 1992 මැයි 01 වන දින මෙම රෙජිමේන්තුව තවත් සෙබලුන් 6 (11 වන බලඇණියේ සිට 16 වන බලඇණිය දක්වා)

ප්‍රථම රෙජිමේන්තු අධිපති

මෙසේ රෙජිමේන්තුවක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකා ජාතික ආරක‍ෂක බළමුළුවෙහි පෙර ගමන්කරුවා වෙමින් ප්‍රථම රෙජිමේන්තු අධිපති ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පාබළ රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් එස්ජීබී ද සිල්වා කේඑස්වී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 1991නොවැම්බර් මස 12 දින සිට පත් වී බත්තරමුල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බළසේනා මූළස්ථාන කදවුරු පරිශ්‍රය තුලදි රාජකාරීන් ආරම්භ කරන ලදි.

එතැන් පටන් මතු නම් සදහන් රෙජිමෙින්තු අධිපතිවරුන් 13 දෙනෙකු විසින් සිය අභිමානවත් නායකත්වය යටතේ මෙම රෙජිමෙින්තුව මෙහෙයවනු ලැබූ අතර වර්තමාන රෙජිමෙින්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්සී පීඑස්සී රෙජිමෙින්තු අධිපතිධුරය හොබවනු ලබයි.

බ්‍රිගේඩියර් එස්බීජි ද සිල්වා කේඑස්වී - 1991.01.12 - 1993.12.25
කර්නල් එස්ඩී ලංකාදේව කේඑස්වී - 1993.12.25 - 1994.12.29
බ්‍රිගේඩියර් එස්වී පානබොක්කේ කේඑස්වී - 1994.12.29 - 1996.08.16
බ්‍රිගේඩියර් එම්ජේ අල්විස් - 1996.08.16 - 1995.05.14
බ්‍රිගේඩියර් ඒඑම්බී අමුණුගම කේඑස්වී - 1999.05.14 - 2004.06.16
බ්‍රිගේඩියර් විකේබී වීරකෝන් කේඑස්වී - 2004.06.16 - 2005.11.24
බ්‍රිගේඩියර් ජෞබී ගල්ගමුව - 2005.11.24 - 2006.04.28
බ්‍රිගේඩියර් ඒසි ඔබේසේකර - 2006.04.28 - 2007.12.27
බ්‍රිගේඩියර් එල්සී පෙරේරා - 2007.12.07 - 2009.02.12
මේජර් ජෙනරාල් ඩබ්ඩිඑල්පී වික්‍රමසිංහ ආර්එස්පී කේඑස්වී - 2009.02.12 - 2012.08.06
බ්‍රිගේඩියර් එම්එම් කුලතුංග - 2012.08.06 සිට 2014.05.16 දක්වා
මේජර් ජෙනරාල් ජිවිඩියුඒ පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී යුඑස්ඒඩබ්සී පීඑස්සී - 2014.05.17 - 2016.10.12
මේජර් ජෙනරාල් ඒපී ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්පී එන්ඩීයූ පීඑස්සී 2016.10.13 – 2017.12.09
මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී - 2017.12.10

දැනට මෙම රෙජිමේන්තුව විවිධ කඩඉම් පසුකරමින් සිය ජීවන ගමන්මගේ නොසැලී අභිමානවත් ගමනක නිරතවන අතර රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය ද ඇතුලත්ව ඒකක 26 ක් දිවයින පුරා විසිර සිය සේවය මාතෘ භූමිය වෙනුවෙන් පුදමින් සිටී.

වර්මාතන පිහිටීම