Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අභිමානවත් ඉතිහාසය

දශක 30ක් පුරා පැවති ඊලාම් යුද්ධයේ ආරම්භක අවධිය වු 1980 දශකය තුලදී ශ්‍රීලංකාවෙි උත්සන්න වෙමින් පැවති දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රි ලංකා යුධ හමුදාවට රට තුල ආරක්‍ෂක කටයුතු පුළුල් කිරිමට සිදු වු අතර එම කාලසිමාවෙිදි ප්‍රභු ආරක්‍ෂක මුර රාජකාරින් සදහා යොදවා සිටි ශ්‍රි ලංකා යුධ හමුදා පුරෝගාමී බලකායට අයත් නිළධාරි 110 ක් හා සෙසු නිළයින් 3640 ඒකරාශි කොට එම රාජකාරින් තව දුරටත් පුළුල් කිරිමේ අරමුනින් 1989 වර්ෂයේ නොවැම්බර් මස පළමු වන දින මුර බළඇණිය නමින් නව ඒකකයක් ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බල සේනාව යටතේ ආරම්භ කරන ලදි.

පුරෝගාමි බළකායට අයත් සෙබළුන්ගෙන් සමන්විතව ආරමිභ කරන ලද පළමු මුර බළඇණියේ ප්‍රථම අණදෙන නිළධාරි වශයෙන් ශ්‍රි ලංකා යුධ හමුදා ස්වෙච්ජා බළසේනාවේ යුධ හමුදා පුරෝගාමි බළකායට අයත් නිළධාරියෙකු වන මේජර් එස් වේරගම යන ජේෂ්ඨ නිලධාරි පත් කරනු ලැබු අතර ඒකක මුලස්ථානය කොළඹ මැලේවීදිය යන ස්ථානයේ ස්ථාන ගත කරන ලදි. ඒආර්ඹ් 51/89 ජි / එස්ඪි/1/81/1(04) හා 1989 නොවැම්බර් මස 01 වන දින දරණ යුද්ධ හමුදා නියෝගය අනුව නගා සිටුවන ලදි. එම වක වානුව තුල රටේ පැවති වතාවරණය සහ පාලන අවශ්‍යතාවය මත ද මායිම් ගම්මානවල කොටි ත්‍රස්ථවාදින්ගේ ග්‍රහනයේ සිටින ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ද පළමු මුර බළඇණියට අමතරව පිළිවෙලින් 2,3,4 සහ 5 නමින් නවතම මුර බළඇණි 04 ක් ආරමිභ කරන ලද්දේ එම ගම්මාන වල ජිවත්වු තරුණයන් වැඩි පිරිසක් යුධ හමුදාවට බදවාගෙන යුධ යමුදා සෙබලුන් වශයෙන් මුලික පුහුණුව ලබාදීමෙන් අණතුරැවය .

මෙසේ නවතමයෙන් ආරම්භ කරන ලද දෙවන මුර බළඇණිය අම්පාර දිස්ත්‍රික්ය තුලද හතරවන මුර බළඇණිය වව්නියාව දිස්ත්‍රික්ය තුලද පස්වන මුර බළඇණිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුලද ස්ථාන ගත නරන ලද්දේ එම දිස්ත්‍රික්කයන් හි තිබු මායම් ගම්මාන ත්‍රස්තවාදින්ගෙන් ආරක්‍ෂාකර ගැනීම අරමුණු කර ගනිමින්ය.මෙසේ ආරම්භ වු මුර බළඇණි 1990 නොවැම්බර් මස 01 වන දින සිට මුර බළඇණි යන නාමය ව්‍යවහාරයෙන් ඉවත් කොට ඒ සදහා ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුඑව වශයෙන් සංශෝධනය වෙමින් ස්ථාපිත වන ලද්දේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමිනි.

රෙජිමේන්තුවක් වශයෙන් ස්ථාපිත විමෙන් පසු රෙජිමෙන්තු මුළස්ථානයේ කාර්ය මණ්ඩලය ලෙස මාණ්ඩලික නිළධාරින් තිදෙනෙකු ප්‍රථම වරට මෙම රෙජිමේන්තුවේ පාලන කටයුතු සිදු කිරිම සදහා පත්ව එන ලදි.මාණ්ඩලික නිළධාරි 1 (පාලන) ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් නිළධාරියෙකු වන ලුතිනල් කර්නල් බිඩබ්ලිව් හෙටිට්ආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිද , මාණ්ඩලික නිලධාරි 111 (පාලන) ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ලුතිතන් ඒයු හේමචන්ද්‍ර යන නිළධාරි සහ මාණ්ඩලික නිලධාරි 111 (උපා) ලෙස ශ්‍රි ලංකා ඉජිනේරු රෙජිමේන්තුවට අයත් කපිතන් ඩිඑම් කිරිබණ්ඩා නිළධාරින් පත්විය. මෙලෙස මාණ්ඩලික නිලධාරීන් තිදෙනෙකුගෙන් පාලන කටයුතු සිදු කරමින් එවකට තාවකාලිව කොළඔ මැලේවිදියේ ස්ථානගත කර තිබු ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානය 1990.12.14 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වෙච්ජා බළසේනා මුළස්ථානය පිහිටි යුද හමුදා කඳවුර බත්තරමුල්ල වෙත රැගෙන යන ලදි.