නවතම ප්රවෘත්ති
19th May 2026 12:24:25 Hours
වසර 30කට අධික කාලයක් පුරා කැපවීමෙන් සහ විශිෂ්ට සේවයෙන් යුතු ඔහුගේ හමුදා ජීවිතය මෙහිදී අගය කරනු ලැබීය.
27th April 2026 10:01:25 Hours
2026 අප්‍රේල් මස 23 වන දින යුද්ධ හමුදා චාරිත්‍ර අනුව 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 14 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඒ එම් ජී එස් වීරසුරිය ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගත් අතර, නව අණදෙන නිලධාරි හට කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී.
25th March 2026 21:38:30 Hours
14 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සෙ/කිව්116561 සාසෙ රාජපක්ෂ පීකේජීඒආර්කේ යන සෙබලා 2026 මාර්තු මස 21 වන දින පදවිය මහජන ක්‍රීඩාංගණයේදී විනාඩි 03 ක් අතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලිගසා සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වන ලදී. මෙහිදි තවත් විශේෂිතම කරුණක් වනුයේ එම සෙබලා විනාඩි 03 ක් ඇතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලි ගැසීමේදී පලමු විනාඩිය තුල පොල් ගෙඩි 04 ක් ලෙලි ගසා ඇති අතර, එයද නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් වී ඇත. තවද, මෙම සෙබලා විසින් කි:ග්රෑ: 80 ක බරක් දත් ආධාරයෙන් ඔසවා තවත් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවු අතර, මෙම ලෝක වාර්තා ත්‍රිත්වයම එකම දිනකදී පැය කිහිපයක් තුල සෙරන්ඩිබ් ලෝක වාර්තා පුද්ගලික ආයතනයේ අධික්ෂණය යටතේ සහ සුවහසක් ජනතාව ඉදිරියේ පිහිටවනු ලැබූ අතර, ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා සහභාගි වු පළමු අවස්ථාවේදීම එම වාර්තා ත්‍රිත්වයම පිහිටුවීමට සමත්විය.