Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

19th May 2026 12:24:25 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් කර්නල් ආර්. එම්. එස්. එල්. ආර්. ගමගෙදර KSP ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 2026 මැයි 15 වන දින ගෞරවාන්විත විශ්‍රාම සමුගැනීමක් ලබා දෙන ලදි.

වසර 30කට අධික කාලයක් පුරා කැපවීමෙන් සහ විශිෂ්ට සේවයෙන් යුතු ඔහුගේ හමුදා ජීවිතය මෙහිදී අගය කරනු ලැබීය.

කර්නල් ලාල් ගමගෙදර ජ්‍යෙෂ්ඨ නිලධාරි 1992 ජූලි 02 වන දින ස්වේච්ඡා බළසේනාව වෙත එක්වූ අතර, 1992 දෙසැම්බර් 19 වන දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස නිල වශයෙන් පත් කරන ලද අතර, ඔහුගේ සමස්ත හමුදා සේවා කාලය තුළ, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙත අචල කැපවීමකින්, වෘත්තීයභාවයෙන් සහ අවංකභාවයෙන් සේවය කරමින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ සහ සෙබළුන්ගේ ගෞරවය හා ප්‍රශංසාව දිනා ගන්නා ලදි. මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ විශිෂ්ට හමුදා ජීවිතය තුළ, ඔහු වැදගත් තනතුරු රැසක් දරා ඇත. එහිදී 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරමින්, උසස් නායකත්වයක් සහ රාජකාරි පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කරන ලදි.

මෙම සමුගැනීමේ උත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ අනෙකුත් සියලුම හමුදා සාමාජිකයින් සහභාගී වූ අතර, කර්නල් ලාල් ගමගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ අමිල සේවයට ස්තුතිය පළ කරමින්, ඔහුගේ අනාගත කටයුතු සඳහා සුභාශිංසන එක් කළහ.

මෙහිදි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සියලුම සාමාජිකයින් ඔහුට සිය අවංක කෘතඥතාව පළ කරමින්, විශ්‍රාම ජීවිතයට සාර්ථකත්වය, සෞඛ්‍යය සහ සතුට ප්‍රාර්ථනා කරන ලදි.