Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

අන්තර් බළඇණි ආධුනික මාර්ග ධාවන තරඟය 2022

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අන්තර් බලඇණි ආධුනික මාර්ග ධාවන තරගාවලිය 2022 ජනවාරි මස 07 වන දින කතරගම දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

Sinhala

අප්‍රතිහත කැපවීමක අනුපමේය අස්වැන්න

යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් සංවිධානයකොට පවත්වනු ලැබූ අන්තර් රෙජිමේන්තු බර එසවීමේ සහ සවි එසවීමේ තරගාවලිය 2021 දෙසැම්බර් මස 28 සහ 29 දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවැත්වූ අතර එම තරගාවලීන්හිදී මෙම රෙජිමේන්තු සවි එසවීමේ ඛණ්ඩයේ ප්‍රථම ස්ථානයත් බර එසවීමේ ඛණ්ඩය 3 වන ස්ථානයත් හිමි කර ගෙන ඇත.

Sinhala

ජයග්‍රාහී යුද්ධ හමුදා පේසස් කණ්ඩායමට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙන් පිදුනු ශක්තිය

තිස් වසරක ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළු ඉතිහාසයෙහි යුද්ධ හමුදාව නියෝජනය කල ජාතික සහ ජාත්යහන්තර කණ්ඩායම් තරගාවලීන්හිදී මෙතෙක් ලද ජයග්‍රහනයන් අප මාතෘ භූමි නාමය ඉදිරියේ සනිටුහන් කල අවස්ථාවන්හිදී මෙම රෙජිමේන්තුව වෙතින් දක්වන ලද දායකත්වය අතිමහත්ය.

Sinhala

අභිමානවත් ගාඩියන්ස් මලල ක්‍රිඩා උලෙළේ සමාප්ති උත්සවය

පුරා දින තුනක් අති උත්කර්ෂවත් අන්දමින් පැවති ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අභිමානවත් 19 වන අන්තර් ඒකක මළල ක්‍රිඩා ශූරතාවලිය 2018 ජුලි මස හය වන දින අනුරාධපුර මහජන ක්‍රිඩා ඩාංගනයේදී නිමාවට පත්විය.

Sinhala

අභිමානවත් ගාඩියන්ස් මලල ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය

ශ්‍රී ලංකා ජාතිකආරක්ෂක බලමුළුවේ අභිමානවත් 19 වන අන්තර් ඒකක මළල ක්‍රීඩා ශූරතාවලිය 2018 ජූලි මස 04 දින අති උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. ඒකක 26 කින් සුසැදි මෙම රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල සදහා ඒකක නියෝජනය කරමින් ක්‍රිඩකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර උත්සවාකාරයෙන් තරග ආරම්භ කරනු ලැබීය.

Sinhala

අන්තර් බළඇණි කරාතේ තරඟාවලිය 2018

අන්තර් බළඇණි කරාතේ තරගාවලිය අනුරාධපුර නගරසභා ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2018 පෙබරවාරි 26 සිට 28 දින දක්වා පැවැත්වින. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්ය කර්නල් කේඒඩබ්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මෙම අවස්ථාවට 5 වන ශ්‍රි ලංකා ජාතික ආරන්ෂක බළමුළුවේ අණදෙන නිළධාරී තුමන්ද සහභාගි විය.


අවසාන ප්‍රතිඵලය

ප්‍රථමස්ථානය 19 වන ජාතික ආරක්ෂක බළමුළුව

දෙවන ස්ථානය 5 සහ 14 ජාතික ආරක්ෂක බළමුළුව

තෙවන ස්ථානය 6වන ජාතික ආරක්ෂක බළමුළුව

ලෙස අන්තර් බළඇණි කරාතේ තරඟාවලිය 2018 අභිමානවත් ලෙස සාර්ථකව නිමාවට පත් කරන ලදි.

Sinhala

අන්තර් බළඇණි මාර්ග ධාවන තරඟය 2018

2018 වසරේ ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අන්තර් ඒකක බළඇණි මාර්ග ධාවන තරඟය 2018 ජනවාරි මස27 වන දින කතරගම දී පවත්වන ලදී.


2018 මාර්ග ධාවන තරඟයේ අවසන් ප්‍රතිඵලය.

ප්‍රථමස්ථානය 9 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

දෙවනස්ථානය 5වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

තෙවනස්ථානය 22 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ලෙස ජයග්‍රයන දිනා ගනිමින් 2018 වර්ෂයේ බළඇණි මාර්ග ධාවන තරඟය අභිමානවත් ලෙස අවසන් කරන ලදි.

Sinhala

2018 කබඩි තරගාවලිය ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය.

ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය) යටතේ ස්ථාපිත සේනාංක මුලස්ථාන/බලසේනා මුලස්ථාන හා නිත්යු/ස්චේච්ජා ඒකකයන් අතර කබඩි තරගාවලියක් සංවිධානය කර එහි මුලික වටයේ තරග පැවැත්වීමෙන් පසු අවසන් මහා තරගය සදහා 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 20 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන ඒකකයන් තේරි පත්වන ලදි. ඒ අනුව අවසන් මහා තරගය ආසේමු (යා) අඥාපති මේජර් ජෙනරල් ඩීඩීයුකේ හෙටිටිආරච්ච් ආර්එස්පි යුඑස්පි එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථාන ක්‍රීඩා පිටියේදි 2018.02.28 වන දින අති උත්කර්ශවත් අන්දමින් පැත්විය.

Sinhala