Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

08th January 2022 20:08:25 Hours

අන්තර් බළඇණි ආධුනික මාර්ග ධාවන තරඟය 2022

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අන්තර් බලඇණි ආධුනික මාර්ග ධාවන තරගාවලිය 2022 ජනවාරි මස 07 වන දින කතරගම දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

මලල ක්‍රිඩකයින්ගේ දක්ෂතාවයන් විදහා දක්වමින් ක්‍රිඩකයින් 90 ක් පමණ සහභාගී වූ මෙම තරගාවලියේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රි ලංකා ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

අන්තර් බළඇණි ආධුනික මාර්ග ධාවන තරඟය 2022 සදහා සහභාගී වූ 13 වන ශ්‍රි ලංකා ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සෙ/කිව් 2021වීඑෆ්ආර්ඩී 07595 ආසෙ චමෝද් ජේඑම්එල්එල් විසින් තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, දෙවන ස්ථානය 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සෙ/කිව් 2021වීඑෆ්ආර්ඩී 06693 ආසෙ මල්ලවආරච්චි එම්ඒඑච් විසින් ද, තෙවන ස්ථානය 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සෙ/කිව් 110294 සාසෙ චාමර ඒඑම්ඒ විසින් ද හිමිකර ගන්නා ලදී.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පවත්වනු ලැබූ මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්ස්ථාන මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකද සහභාගී විය.