Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

30th December 2021 22:20:56 Hours

අප්‍රතිහත කැපවීමක අනුපමේය අස්වැන්න

යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් සංවිධානයකොට පවත්වනු ලැබූ අන්තර් රෙජිමේන්තු බර එසවීමේ සහ සවි එසවීමේ තරගාවලිය 2021 දෙසැම්බර් මස 28 සහ 29 දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවැත්වූ අතර එම තරගාවලීන්හිදී මෙම රෙජිමේන්තු සවි එසවීමේ ඛණ්ඩයේ ප්‍රථම ස්ථානයත් බර එසවීමේ ඛණ්ඩය 3 වන ස්ථානයත් හිමි කර ගෙන ඇත.

යුද්ධ හමුදාවේ සියළුම රෙජිමේන්තු අභිබවමින් සිය අසහාය කාය ශක්තිය විදහා දැක්වූ මෙම ක්‍රිඩකයින් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළු ඉතිහාසයේ නව පිටුවක් පෙරලීමට සමත්වූ බව සාඩම්බරයෙන් සිහිපත් කල යුතුය.

කණ්ඩායම වශයෙන් සිය ස්ථානයන් එසේ සටහන් කරගනිද්දී උක්ත තරගාවලීන්හිදී සිය නාමයන් ඉදිරියේ පහත සදහන් ජයග්‍රහණයන් පුද්ගලිකව ලබාගැනීමට ඔවුන් සමත්වී ඇත.

සවි එසවීමේ ජයග්‍රහනයන්

59 බර පංතිය සෙ/කිව්109857 සාසෙ සූරියකුඹුර එස්එම්අයිඩී 1 ශ්‍රිලංජාආබමු 2 වන ස්ථානය

65 බර පංතිය සෙ/කිව්105934 සාසෙ හෙට්ටිආරච්ච් එච්ඒඑස්එස් 4 ශ්‍රිලංජාආබමු 1 වන ස්ථානය

74 බර පංතිය සෙ/12කිව්02020 කෝප්‍රල් අබේවික්‍රම වයිජීඑස් 12 ශ්‍රිලංජාආබමු1 වන ස්ථානය

74 බර පංතිය සෙ/4කිව්02332 කෝප්‍රල් සමන් කුමාර එච්එම් 4 ශ්‍රිලංජාආබමු 2 වන ස්ථානය

93 බර පංතිය සෙ/කිව්105065 සාසෙ බංඩාර ඩීබීඒඑම්ආර්අයි 9 ශ්‍රිලංජාආබමු 2 වන ස්ථානය

120 බර පංතිය සෙ/17කිව්02045 ලාකෝ ජයසිංහ ජේඩීඑන් 13 ශ්‍රිලංජාආබමු 3 වන ස්ථානය

බර එසවීමේ ජයග්‍රහනයන්

67 බර පංතිය සෙ/කිව්106354 සාසෙ ධනපාල එම්එස්එස් 11 ශ්‍රිලංජාආබමු 2 වන ස්ථානය

81 බර පංතිය සෙ/කිව්109197 සාසෙ කරුණාරත්න එල්කේසීඑම් 18 ශ්‍රිලංජාආබමු 2 වන ස්ථානය

89 බර පංතිය සෙ/කිව්106766 ලාකෝ සරත් කුමාර එස්එම්සී 16 ශ්‍රිලංජාආබමු 2 වන ස්ථානය

102 බර පංතිය සෙ/5කිව්02542 සැරයන් අබේකෝන් කේසීඒටීඑස් 5 ශ්‍රිලංජාආබමු 1 වන ස්ථානය

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යුද්ධ හමුදාව තුල තවත් පියවරක් ඔසවා තබන්නට සිය ශක්තිය උපරිමයෙන් කැපකල මෙම කණ්ඩායම් නියෝජනය කල සියළුම ක්‍රිඩකයින්ට රෙජිමේන්තු අධිපති ඇතුලු සියළුම සාමාජිකයින්ගේ උණුසුම් සුභපැතුම් මෙසේ පිරිනමමු.