Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

14th March 2018 22:23:52 Hours

2018 කබඩි තරගාවලිය ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය.

ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය) යටතේ ස්ථාපිත සේනාංක මුලස්ථාන/බලසේනා මුලස්ථාන හා නිත්යු/ස්චේච්ජා ඒකකයන් අතර කබඩි තරගාවලියක් සංවිධානය කර එහි මුලික වටයේ තරග පැවැත්වීමෙන් පසු අවසන් මහා තරගය සදහා 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 20 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන ඒකකයන් තේරි පත්වන ලදි. ඒ අනුව අවසන් මහා තරගය ආසේමු (යා) අඥාපති මේජර් ජෙනරල් ඩීඩීයුකේ හෙටිටිආරච්ච් ආර්එස්පි යුඑස්පි එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථාන ක්‍රීඩා පිටියේදි 2018.02.28 වන දින අති උත්කර්ශවත් අන්දමින් පැත්විය. ඒ අනුව පවත්වන ලද තරගාවලියේ තරග කණ්ඩායමි 32 ක් අභිබවා සමස්ත ගූරතාවය 20 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලළුමුව විසින් හිමිකර ගැනීමට සමත් වු අතර හොදම ප්‍රහාරකයාට හිමි කුසලානය සෙ/Q101652 සාසෙ ජයනාත් විඒඑම් විසින් හා හොදම රකින්නාට හිමි කුසලානය සෙ/20Q01283 ලා/කෝප්‍රල් ජයසිරි ජිඑන් විසින් දිනාගත් අතර, මෙම ඒකක කබඩි කණ්ඩායම සදහා අඥාපති ආසේමු (යා) විසින් සුභාශිංසනය පිරිනමන ලදි.