Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

16th October 2018 12:17:58 Hours

අභිමානවත් ගාඩියන්ස් මලල ක්‍රිඩා උලෙළේ සමාප්ති උත්සවය

පුරා දින තුනක් අති උත්කර්ෂවත් අන්දමින් පැවති ශ්‍රි ලංකා ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අභිමානවත් 19 වන අන්තර් ඒකක මළල ක්‍රිඩා ශූරතාවලිය 2018 ජුලි මස හය වන දින අනුරාධපුර මහජන ක්‍රිඩාංගනයේදී නිමාවට පත්විය.

සමාප්ති උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි සහභාගී වු අතර, මධ්‍යස්ථාන සේනාවිධායක ,නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් රැසක්ද ඒකක අණදෙන නිලධාරීන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක්ද, බලලත් නිලධාරීන්, ජ්‍යෙකොනොනීන්, හා සෙසුනිලයින් විශාල පිරිසක් ද සහභාගි වීය. මීට අමතරව මලළ ක්‍රිඩකයින් සහ ක්‍රිඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම මහත්මීන් රැසක්ද සහභාගී විය.

මෙම ක්‍රිඩා උලෙලේ තරග විනිසුරුවන් ලෙස මලළ ක්‍රිඩා විනිසුරු සංගමයේ විනිසුරුවන් සිය දායකත්වය ලබා දුනි. මෙම මලළ ක්‍රිඩා තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා පස්වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙ/Q105048 සාසෙ ගුරුගේ ඒපිජිඩීකේකේ ක්‍රිඩකයා දුර පැනීමේ ක්‍රිඩාවෙන් මීටර් 6.78 ක නව තරග වාර්ථාවක් බිහි කරමින් මෙවරත් දිනා ගනු ලැබීය. සමස්ථ තරගාවලියේ ප්‍රථම ස්ථානය ලෙස ලකුණු 171 ලබාගත් පස්වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවද, දෙවන ස්ථානය ලකුණු 142 ලබාගත් විසිවන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවද, තෙවන ස්ථානය ලකුණු 125 ක් ලබා ගත් හතරවන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවද දිනා ගනු ලැබීය.

මෙම ක්‍රීඩා උළෙල වර්ණවත් කරමින් තුර්යවාදක සංදර්ශණයක් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ,ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව , විජයබාහු පාබල රෙජිමේන්තුව සහ ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ තුර්යවාදක කණ්ඩායම් එක්වී අලංකාරාවත් සංදර්ශණයක් ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළු කරාතේ කණ්ඩායම විසින් අලංකාරවත් කරාතේ සංදර්ශණයක්ද ඉදිරිපත් කරමින් සමාප්ති උළෙල තවත් වර්ණවත් කළේය.

ඒකක 26 කින් සුසැදි මෙම රෙජිමේන්තු මළල ක්‍රිඩා උළෙල සදහා ඒකක නියෝජනය කරමින් ක්‍රිඩකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර ක්‍රිඩකයින් තම ක්‍රිඩා දස්කම් පාමින් නව වාර්ථා පිහිටුවමින් රෙජිමේන්තු ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ක්‍රිඩා උළෙල නිමාවට පත් කරනු ලැබීය.