Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

04th July 2018 17:54:35 Hours

අභිමානවත් ගාඩියන්ස් මලල ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය

ශ්‍රී ලංකා ජාතිකආරක්ෂක බලමුළුවේ අභිමානවත් 19 වන අන්තර් ඒකක මළල ක්‍රීඩා ශූරතාවලිය 2018 ජූලි මස 04 දින අති උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. ඒකක 26 කින් සුසැදි මෙම රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල සදහා ඒකක නියෝජනය කරමින් ක්‍රිඩකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර උත්සවාකාරයෙන් තරග ආරම්භ කරනු ලැබීය.

යුද්ධ හමුදාවට මෙන්ම ශ්‍රී ලංකා ද්වීපයේ අනාගත ක්‍රීඩක පරපුරක් බිහිකිරීම අරමුණු කොට ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබූ අතර මෙය ඉදිරි දෙදින පුරාවට (ජූලි 5 සහ 6) පවත්වනු ලබනු ඇත. සමාරම්භක උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්බී කොහොන සහභාගී වූ අතර, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් රැසක්ද ඒකක අණදෙන නිලධාරීන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, බලලත් නිලධාරීන්, ජ්‍යෙකොනොනීන්, හා සෙසුනිලයින් විශාල පිරිසක ද සහභාගිවීය. මෙම ක්‍රීඩා උලෙලේ සමාප්ති උළෙල 2018 ජූලි මස 06 දින රෙජිමේන්තු අධිපතිගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.