Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

24th April 2026 18:23:12 Hours

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුවදුක් සොයාබැලිම

ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාවේ ගරු අනුශාසක තුමන් වන ආඥාපති ආරක්‍ෂක සේනාව (නැගෙනහිර) හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ එස් බි ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි කුමාරි පල්ලේකුඹුර මහත්මියගේ උපදෙස් මත ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් ක්‍රියාන්විත හේතුන් මත ජාතිය වෙනුවෙන් උත්තරිතර ජිවිත පරිත්‍යාග සිදුකල රණවිරු පවුල් හි සුවදුක් විමසීමේ චාරිකාවක් 2026.04.12 වන දින ඒකක මට්ටමින්, එක් ඒකකයක් වෙතින් රණවිරු පවුල් 5 ක් බැගින් අවරණය වන පරිදි රණවිරු පවුල් 80 ක් සදහා සේවා වනිතා සාමාජිකාවන්ගේ මෙන්ම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

මෙමෙ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ එස් බි ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බලප්‍රදේශය තුල ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් ක්‍රියාන්විත හේතුන් මත ජිවිතය පරිත්‍යාග සිදුකල රණවිරු පවුල් පස් දෙනෙකුගේ සුවදුක් විමසීමේ චාරිකාවක් සිදු කරන ලදී.

එම සංචාරය අතරතුරදි එම පවුල්වල සාමාජිකයින් සමග සුහද පිළිසදරක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසමින් සහ සැනසීම සහ දිරිගැන්වීම සිදු කරන ලදි. ඔවුන් වෙනුවෙන් අඛණ්ඩ සහයෝගය සහ ඇගයිමේ සළකුණක් ලෙස සංචාරය අතරතුරදි පවුල් වෙත සිංහල හා දමිල අලුත් අවුරුදු උදාව නිමිතිකර ගනිමින් කැවිලි පාර්සලය බැගින් පරිත්‍යාග කරන ලද අතර, රණවිරු පවුල් විසින් රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සිදු කල මෙම සද්කාර්ය මහත්සේ අගය කරන ලදී.

එසේම මෙම සද්කාර්යයට සහභාගී වූ සියළු සේවා වනිතා සාමාජිකාවන් නිලධාරින් සහ සෙසුනිලයින් උණූසුම් ලෙස පිලිගන්නා ලද අතර, ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ‌සේවා වනිතා ශාඛාව විසින් ඔවුන් වෙත දක්වන ලද අඛණ්ඩ සැලකිල්ල සහ සංචාරය පිළිබද සිය අවංක කෘතඥතාවය පල කරන ලදි.