Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

මුල් පුවත

  • රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ඒකක ප්‍රධාන ලිපිකරුවන් වෙනුවෙන් දෙදින පුහුණු වැඩසටහනක්

    21st March 2024 08:10:42 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් ප්‍රධාන ලිපිකරුවන්ගේ දැනුම හා විෂය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඒකකයන්හි රාජකාරී කරනු ලබන ප්‍රධාන ලිපිකරුවන් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරී කරනු ලබන ප්‍රධාන ලිපිකරුවන් 32 දෙනෙකු සහභාගී කරවමින් ප්‍රධාන ලිපිකරු දෙදින පුහුණු වැඩ සටහනක් 2024 මාර්තු මස 13 සහ 14 යන දෙදින තුලදී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පවත්වන ලදි.

  • මියගිය සාමාජිකයාගේ බිරිදට නිවසක් ප්‍රධානය කරයි

    20th March 2024 14:28:23 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති තුමන් වන ලුතිතන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්යෙජෂ්ඨ නිලධාරීගේ උදාරතර සංකල්පයකට අනුව 15 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් කෝප්‍රල් රණතුංග ඒඑස්පී (මියගිය) ගේ ලගම ඥාතියා වෙත රෙජිමේන්තු අධිපති අර්ධ නිවාස ව්ය පෘතිය යටතේ අංග සම්පූර්ණ නිවසක් රුක් සෙවන, 04 ඇල, ශ්‍රාවස්තිපුර ප‍්‍රදේශ් ඉදිකර 2024 මාර්තු මස 08 වන දින ප්‍රධානය කරණ ලදී.

  • රෙජිමේන්තු කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් නායකත්ව ප‍්‍රගමන පුහුණු වැඩසටහනක්

    09th February 2024 14:21:54 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් කොමිෂන් නොලත් නිලධාරින්ගේ නායකත්වය සහ ඉදිරි ප‍්‍රගමනය වර්ධනය කිරීමේ අරමුණින් ඒකකයන්හි රාජකාරී කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරින් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරී කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරින් 250 දෙනෙකු සහභාගී කරවමින් කොනොනි නායකත්ව ප‍්‍රගමන පුහුණු වැඩ සටහනක් 2024 පෙබරවාරි මස 08 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන හෙරලියාවල කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදි.

  • විශ්‍රාම යෑමට නියමිත රෙජිමේන්තු සාමාජිකයන්හට දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    19th December 2023 17:03:50 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යටතේ වසර 22 කට වැඩි කාලයක් රට දැය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගැනීමට සූදානම්ව සිටින සෙසුනිලයින් 62 ක් උදෙසා විශ්‍රාම ගැන්වීමේ පාලන කටයුතු ප්‍රමාධයකින් තොරව ඉටුකරගන්නා ආකාරය හා විශ්‍රාම ගැන්වීමෙන් පසු විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස ලැබෙන වරප්‍රසාද හා සුභ සාධන කටයුතු පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2023 දෙසැම්බර් මස 13 වන දින “ගාඩියන්ස්”පහසුකම් සංකීර්ණයේදී පවත්වන ලදී.

  • ශ්‍රී ලංකා ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනිම

    15th June 2023 22:39:43 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ 9 වන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් බී ආර් ඩබ්ලිව් එම් ආර් ඒ බී තෝරදෙනිය ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි මස 15 වන දින පෙ:ව 0907 පැයට යෙදුන සුභ මොහොතින් ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි භාර ගන්නා ලදී.

  • ශ්‍රී ලංකා ජාතික ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලස්ථාන බලඇණියේ නව නේවාසිකාගාර ගොඩනැගිලි දෙකක් විවෘත කරයි

    09th April 2023 10:38:37 Hours

    යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ කුරුණෑගල, හෙරලියවල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණි පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද නේවාසිකාගාර ගොඩනැගිලි දෙකක් ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින විවෘත කරනු ලැබීය.

  • ක්‍රියාන්විත හේතුන්මත ආබාධිත තත්වට පත්වී ඇති රණවිරුවෙකු හට පූර්ණ නිවසක් ඉදිකරදීම සදහා මුල්ගල තැබීම

    06th July 2022 19:02:11 Hours

    වත්මන් යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය යටතේ 4 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුට අයත් ක්‍රියාන්විත හේතුන්මත ආබාධිත තත්වයට පත්ව ඇති සෙ/කිව්107830 කෝප්‍රල් විමලරත්න පීඒපීකේ යන රණවිරුවා වෙත අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදීම සදහා මුල්ගල තැබීමේ උත්සවය 2022.07.04 වන දින 0943 පැයට යෙදුන සුභ මොහොතින් පන්සල් හන්දිය, දෙවොලෙපොල, මිනුවන්ගොඩ ලිපිනයේ සදහන් ස්ථානයේදී රෙජිමුබ ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්එම්පීකේ සමරකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

  • මියගිය ජ්‍යෙකොනොනිගේ ලගම ඥාතියා වෙත නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තැබීම

    24th June 2022 12:07:50 Hours

    වත්මන් යුද්ධ හමුදාපති සහ ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු තුමන්ගේ සංකල්පයක් මත ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවාවනිතා ඒකකය හරහා ක්‍රියාත්මක වන නිවාස ව්යාපෘතිය යටතේ 10 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවට අයත් සෙ/10කිව්01135 සැරයන් කුමාරදාස ඩබ්එම් (මියගිය) ජ්‍යෙකොනොනිගේ ලගම ඥාතියා වෙත අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදීම සදහා මුල්ගල තැබීමේ උත්සවය කුඩා නෙලුම් කුලම, නෙලුම්කන්නිය, කුඩාකලැත්තෑව, ගල්ගමුව ලිපිනය සදහන් ස්ථානයේදී මෙම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වන කර්නල් මංගල නවරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.06.16 වන දින 1015 පැයට යෙදුන සුභ මොහොතින් සිදුකරන ලදි.

  • නවීකරණය කරන ලද පොල් කඩන යන්ත්‍රය රෙජිමේන්තු අධිපතිගේ අධීක්ෂණයට

    09th February 2022 16:45:02 Hours

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මූලස්ථාන බලඇණියෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

  • රෙජිමේන්තු අධිපති රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ සංචාරයක

    09th February 2022 16:11:12 Hours

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.