19th May 2026 12:24:25 Hours
වසර 30කට අධික කාලයක් පුරා කැපවීමෙන් සහ විශිෂ්ට සේවයෙන් යුතු ඔහුගේ හමුදා ජීවිතය මෙහිදී අගය කරනු ලැබීය.
04th May 2026 12:27:10 Hours
ශ්‍රි ලංකාද්විපයේ දශක 3 ක් පුරා පැවති බෙදුම්වාදි කුරිරු ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමිම සදහා දිවිහිමියෙන් කටයුතු සිදු කිරිමේදි, ත්‍රස්ථවාදි ප්‍රහාරයන්ට ලක්ව පුර්ණ අබාධිත තත්වයට පත්ව තම ජිවිත කාලය පුරාවටම අභිමංසල 3 සුවසහන මධ්‍යස්ථානය - පාන්ගොල්ල හි නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන විරෝධාර රණවිරුවන්ගේ මානසික මට්ටම ඉහල නැංවිම අරමුණු කර ගනිමින් රෙජිමේන්තු සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි කුමාරි පල්ලේකුඹුර මැතිනියගේ සහ ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) හා රෙජිමේන්තු අධිපති ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව මේජර් ජෙනරාල් J S B W පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ශඛාවේ සාමාජිකාවන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව 2026.04.29 වන දින සංචාරයක නිරතවන ලදි
24th April 2026 18:23:12 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාවේ ගරු අනුශාසක තුමන් වන ආඥාපති ආරක්ෂක සේනාව (නැගෙනහිර) හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ එස් බි ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි කුමාරි පල්ලේකුඹුර මහත්මියගේ උපදෙස් මත ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් ක්‍රියාන්විත හේතුන් මත ජාතිය වෙනුවෙන් උත්තරිතර ජිවිත පරිත්‍යාග සිදුකල රණවිරු පවුල් හි සුවදුක් විමසීමේ චාරිකාවක් 2026.04.12 වන දින ඒකක මට්ටමින්, එක් ඒකකයක් වෙතින් රණවිරු පවුල් 5 ක් බැගින් අවරණය වන පරිදි රණවිරු පවුල් 80 ක් සදහා සේවා වනිතා සාමාජිකාවන්ගේ මෙන්ම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.
12th April 2026 18:00:30 Hours
දැනට යුද්ධ හමුදාවේ සේවයේ නියතු සිවිල් සේවක මහතුන්ගේ සේවය ඇගයිම මෙන්ම, ඔවුන් දිරි ගැන්විමක් වශයෙන් සහ එලබෙන 2026 සිංහල හින්දු අළුත් අවුරුද්ද කේන්ද්‍ර කර ගනිමින් ඔවුන් වෙත සේවා වනිතා ඒකකය වෙතින් රුපියල් 5,000.00 ක් වටිනා වවුචර්පත් බෙදා දිම 2026. 04.09 දින යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේදි ගරු සේවා වනිතා ඒකක සභාපතිතුමිය සහ යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් ප්‍රධානය කරන ලදී.
25th March 2026 21:38:30 Hours
14 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් සෙ/කිව්116561 සාසෙ රාජපක්‍ෂ පීකේජීඒආර්කේ යන සෙබලා 2026 මාර්තු මස 21 වන දින පදවිය මහජන ක්‍රීඩාංගණයේදී විනාඩි 03 ක් අතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලිගසා සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වන ලදී. මෙහිදි තවත් විශේෂිතම කරුණක් වනුයේ එම සෙබලා විනාඩි 03 ක් ඇතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලි ගැසීමේදී පලමු විනාඩිය තුල පොල් ගෙඩි 04 ක් ලෙලි ගසා ඇති අතර, එයද නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් වී ඇත. තවද, මෙම සෙබලා විසින් කි:ග්‍රෑ: 80 ක බරක් දත් ආධාරයෙන් ඔසවා තවත් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවු අතර, මෙම ලෝක වාර්තා ත්‍රිත්වයම එකම දිනකදී පැය කිහිපයක් තුල සෙරන්ඩිබ් ලෝක වාර්තා පුද්ගලික ආයතනයේ අධික්‍ෂණය යටතේ සහ සුවහසක් ජනතාව ඉදිරියේ පිහිටවනු ලැබූ අතර, ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා සහභාගි වු පළමු අවස්ථාවේදීම එම වාර්තා ත්‍රිත්වයම පිහිටුවීමට සමත්විය.
23rd March 2026 19:23:22 Hours
2026 පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු නිලධාරී පුහුණු දිනය 2026 මාර්තු 11 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
23rd March 2026 19:12:56 Hours
බ්‍රිගේඩියර් එල් රංචගොඩ කේඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 12 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් 2026 මාර්තු මස 06 වන දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කරන ලදි.
23rd March 2026 19:08:12 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල් ඩබ්ලිව් එස් ආර් වෙත්තසිංහ යන ජ්‍යෙෂඨ නිලධාරි 2026 පෙබරවාරි මස 04 වන දින එම තනතුරෙන් නික්ම ගිය අතර, එම උත්සවයේදී ඔහුගේ ධූර කාලය තුළ සිදු කරන ලද කැපවීම සහ අමිල සේවය වෙනුවෙන් හෘදයාංගම උපහාරයක් පුද කරිමත් සමග නික්ම ගිය මධ්‍යස්ථාන සේනාවිධායක හට සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පිරිනමන ලදි.
06th March 2026 17:28:59 Hours
මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව යටතේ රාජකාරී කරනු ලබන සෙ/කිව්107377 සාසෙ රත්නායක එච්එස් යන සෙනියාගේ බහුවිද ආබාධිත තත්වයෙන් පසුවන අවුරුදු 20 ක් වයසැති පුතනුවන්ගේ වෛද්‍ය කටයුතු වෙනුවෙන් මාසිකව විශාල පිරිවැයක් දැරිමට සිදුවීම හේතුවෙන්, තමාට සහ තම පවුලේ උදවිය හට වාසය කිරීමට ස්ථිර නිවසක් සදා ගැනීමට ආර්ථික මට්ටමක් නොමැති වීම මත ඔහු හට යුද්ධ හමුදා සේවා වනිතා ඒකක සභාපති තුමියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන රු: 1,500,000.00 ක (රුපියල් ලක්‍ෂ පහලොව) පුර්ණ නිවාස ව්‍යාපෘතිය වෙතින් මුල්‍යාධාර වෙන් කිරිමෙන් පසු, 15 ශ්‍රිලංජාආබමු ඒකක අණදෙන නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම ඒකක භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකර, ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලේකුඹුර මහත්මියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙරාල් ලසන්ත රොද්‍රිගු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභපතිනී ස්වේන්ද්‍රිණී දිසානායක මැතිණියගේ සුරතින් නිවාස ලාභියා වෙත 2026.03.04 වන දින නිවස හිමිගැන්වීම සිදු කරන ලදි.
16th February 2026 19:04:14 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ‘මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් පවුල් ජීවිතය’ යන මාතෘකාව යටතේ වටිනා දේශනයක් 2026 පෙබරවාරි 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මෙම දේශනය 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ දෙවන අණදෙන නිලධාරි වන මේජර් ගිහාන් හේවානායක විසින් සිදුකරන ලදී. මෙම වැඩසටහන තුළදි මානසික ශක්තිය වැඩිදියුණු කිරීම, පවුල්වල අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ හමුදා සේවයේ කාර්යබහුල ස්වභාවය මධ්‍යයේ සමතුලිත හා සමාදානමය ගෘහස්ථ ජීවිතයක් පවත්වා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලදී.